
චරිතා ප්‍රියදර්ශනී පීරිස්, සංජීවනී වීරසිංහ නම ඇසු පමණින්ම අපට මතකයට නැගෙන සුමිහිරි ගීත රැසකි. මෙරට සංගීත ක්ෙෂ්ත්‍රයේ ඉහළින්ම වැජඹෙන මේ ගායිකාවන් දෙපළ කලා ලොවේ මෙන්ම පෞද්ගලික ජීවිතයේත් බොහොම ලෙන්ගතු මිතුරියන් කියලයි අපට ආරංචිය. ඔවුන් මෙවර මුහුණට මුහුණ විශේෂාංගයට එක්වෙමින් මෙසේ අදහස් දැක්වුවා.
චරිතා වගේ කලාකාරියෝ ක්ෂේත්‍රයේ හරිම විරළයි
ජනප්‍රිය ගායිකා සංජීවනි වීරසිංහ
ලස්සන මගෙ සිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි...
දෑසින් නොදකින ඈතක සිටියත් සිත විමසන්නේ.. ඔබ ගැනයි
ගායනය, රංගනයට, පමණක් සීමා නොවී ව්‍යාපාර කෙෂ්ත්‍රයේද ඉහළින්ම වැජඹෙන ඇය කාන්තා පරපුරටම ආදර්ශයකි. රුව, නැණ, ගුණ, යන තුනෙන්ම පොහොසත් මේ දක්ෂ කලාකාරිය කලා පවුලකින් පැවත එන්නීය. භාෂා ගණනාවකින් ගීත ගැයීමේ හැකියාව ඇය සතු තවත් දක්ෂතාවයකි. ඔහු දුටු දා, අපේ දිහා නෑ, ආදි ගීත රැසක් ගායනාකර ඇති මේ සුරූපි ගායිකාව සංජීවනි වීරසිංහය.
මොනවද මේ දවස්වල කෙරෙන්නේ..?
ටෙලිනාට්‍ය දෙකක වැඩ අවසන්කරා. තවත් අළුත් ටෙලිනාට්‍ය දෙකකට කතාකර තිබෙනවා. මගේ මව(චන්ද්‍ර ද සිල්වා වීරසිංහ)සමග ගැයු අපගේ සොඳුරු නිවෙසේ ගීතය මමත්, මගේ දුව සහ මගේ මව සමග ගායනාකිරීමේ අදහසක් තිබෙනවා. එය ඉදිරියේදි රසිකයන්ට අසන්න ලැබේවි.
ඔබ ගායනාකළ ගීත අතරින් වඩාත් කැමති ගීතයක් තිබෙනවාද..?
ලස්සන මගෙ සිත ගීතයට වඩාත් කැමතියි. අපේ දිහා නෑ, ඔහු දුටු දා මගෙ සිත බැඳුණා ගීතවලටත් කැමතියි.
චරිතා ඔබේ මිතුරියක්ද..?
චරිතා අක්කා කෙෂ්ත්‍රයේ සිටින හොඳම මිතුරියයි. ඇය මට මගේ අක්කා වගේ.
ඔබ දෙදෙනා හොඳම මිතුරියන්..ඇය මොනවගේ චරිතයක්ද..?
ඇයට හොඳ සංවිධාන ශක්තියක් තිබෙනවා. සැමියාට (එඩ්වඩ් ජයකොඩි) හොඳ බිරිදක්. හැම කෙනා සමගම සහයෝගයෙන් වැඩකරන හොඳ චරිතවත් කාන්තාවක්. මෙහෙම කලාකාරියෝ කෙෂ්ත්‍රයේ හරිම විරළයි.
චරිතා ගායනා කරන ගීතවලින් වඩාත් කැමති..?
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ ගීතයට වඩාත් කැමතියි.
ඇයි එම ගීතයට කැමති..?
අනෙක් ගීතවලටත් කැමතියි. මේ ගීතය මට මගේ පවුල ගැන කියවෙනව වගේ දැනෙන්නේ.හරිම මිහිරියි. ජීවිතේ ගැන තව තවත් ආදරයක් දැනෙන ගීතයක්.
ඇයගේ හඬෙහි ඔබ දකින විශේෂතා තිබෙනවාද..?
චරිත අක්කගෙ හඬේ මිහිරක් තිබෙනවා. එය හරිම සරළයි. අව්‍යාජයි. හරිම හැඟුම්බරයි.
ඔබ වඩාත්ම ප්‍රියකරන ගායකයා?ගායිකාව..?
ප්‍රදීපා ධර්මදාස සහ ජගත් වික්‍රමසිංහට.
කැමතිම ටෙලිනාට්‍ය හා චිත්‍රපටය, නළුවා සහ නිළිය ගැනත් දැනගන්න කැමතියි..?
බඹා කෙටු හැටි, ඡායා, නිධානය. මාලනි ෆොන්සේකාට සහ විජය කුමාරතුංග.
ඔබ රැකියාවල් කිහිපයකම නිරත වෙනවා..මොකකටද පළමු තැන..?
ගායනය, රංගනය,මගේ මුදල් උපයන රැකියාව නොවේ.එහෙත් මම වඩාත් කැමති ඒ දෙකට. ව්‍යාපාර කෙෂ්ත්‍රයේ නියැළීමෙන් තමයි මම මුදල් උපයන්නෙ. එයට අමතරව මාධ්‍යවේදිනියක, මානසික සංවර්ධන උපදේශිකාවක, රූපලාවන්‍ය ආයතනයක අධ්‍යක්ෂිකාවක් ලෙසත් වැඩ කරනවා.තවත් පොදු වැඩ බොහොමයි.
මොනවද ඉදිරියේදි කෙරෙන නව නිර්මාණ..?
මමත් සැමියාත් දුවගේ සහ පුතාගේ අධ්‍යාපනයට මුලිකත්වය දී තමයි මේ සියලු වැඩ කරන්නේ. නව ගී නිර්මාණ කිහිපයක් ඉදිරියේදි රසිකයන්ට අහන්න ලැබේවි. මා රඟපෑ රන් සයුර චිත්‍රපටය ඉදිරියේදි තිරගත වනවා.
සංජීවනී ප්‍රතිපත්ති ගරුක ගායිකාවක්
ප්‍රවීන ගායිකා චරිතා ප්‍රියදර්ශනී පීරිස්
මොනවද මේ දවස්වල අලුතෙන් කෙරෙන වැඩ..?
අලුතෙන් ගීත කිහිපයක් පටිගතකරමින් සිටිනවා. ඒවා ඉදිරියේදි රසිකයන්ට අසන්නට ලැබේවි.
එදා මෙදාතුර කොපමණ ගීත සංඛ්‍යාවක් ගායනාකර තිබෙනවාද..?
ගීත 200ක් පමණ
එම ගීත අතරින් ඔබ වඩාත්ම කැමති ..?
මේ ප්‍රේම කතා නවතා, පන්සලේ පල්ලියේ, සෙනෙහසේ නවාතැනේ, අහස් ගැබේ, සිකුරු තරුව, ගීත වලට වඩාත් කැමතියි. ඒවා මගේ ගායනා දිවියේ සහ පෞද්ගලික දිවියේ සන්ධිස්ථාන වු ගීත.
ඔබ විවිධ තේමා මුල්කරගෙන ගීත ගායනාකරන ගායිකාවක්..?
ඔව්..ළමා,නත්තල්, බෞද්ධාගමික, ආදි සෑම තේමාවක්ම මුල්කරගෙන ගීත ගායනාකර තිබෙනවා. ප්‍රේම ගීතවලට පමණක් සීමා වෙලා නෑ.
සංජීවනි හා ඔබ සමකාලීනයන්ද..?
අප දෙදෙනාම කලා පවුල්වලින් කෙෂ්ත්‍රයට පැමිණි අය. එකම කාලයක වගේ තමයි කෙෂ්ත්‍රයට ආවේ.
ඇය ඔබගේ මිතුරියක්ද..?
ඔව්.. අප දෙදෙනා හොඳ මිතුරියන්.
කොහොමද ඔබ දෙදෙනාගේ මිතුරුකම..?
සංජීවනි මගේ කල්‍යාණ මිතුරියක්.ඇය මගේ දුකට, සැපට සිටින හොඳ සොහොයුරියක්.මගේ විවාහ උත්සවයේ දෙවැනි මනමාලිය වුණෙත් ඇය.
සංජීවනි ගයන ගීතවලින් වඩාත් කැමති ගීතය..?
එඩ්වඩ් සමග ගයන සුවඳ මලයි ගීතයට වඩාත් කැමතියි.සංජීවනි මව සමග ගයන අපගේ සොදුරු නිවසේ පහන ඔබවේ ගීතයටත් කැමතියි.
ඇයගේ හඬෙහි ඔබ දකින විශේෂතා තිබෙනවාද..?
ඇයට ඕනෑම ආකාරයේ ගීතයක් ගයන්න පුළුවන්. හරිම ප්‍රාසාංගික ගායනයක් ඇය සතුයි.
මොනවද ඇයගේ චරිතයේ ඔබ දකින විශේෂතා..?
ප්‍රතිපත්ති ගරුක ගායිකාවක්. කෙළින් වැඩකරන චරිතයක්. චරිතාංග නිළියක්.
ඔබ වඩාත් ප්‍රියකරන චිත්‍රපටය, ටෙලිනාට්‍ය, හා රංගන ශිල්පියා හෝ ශිල්පිණිය..?
හොඳ නිර්මාණ හැම එකකටම කැමතියි. එඩ්වඩ් මගේ සැමියා කියා ඔහු ගයන හැම ගීතයකටම කැමතිවෙන්න අවශ්‍ය නෑ. අලුත්වන ලෝකයේ දවසෙන් දවස දකින නිර්මාණ විවිධයි. ඒ නිසා එකකට කියා කොටුවෙන්න කැමති නෑ. ගීත, චිත්‍රපට, රංගන ශිල්පීන්ට දක්වන කැමැත්තත් දවසෙන් දවස වෙනස්වනවා.
මොනවද ඉදිරි වැඩ කටයුතු..?
කොළඹ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ශාස්ත්‍රපති විභාගයට සුදානම් වෙනවා. නව කෘතියක් ලියාගෙන යනවා. මාරම්බරී සමග රට වටේ යනවා.එහි සිය වෙනි දර්ශනය අගෝස්තු 21 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට කටයුතුකරගෙන යනවා. සඳ තරු මල් දෙවෙනි අදියරට ළමුන් බඳවාගැනීමත් මේ දිනවල සිදු කරනවා. දුවගේත්, පුතාගේත් අධ්‍යාපන වැඩට මුල්තැන දෙමින් මේ සියලු වැඩ කරනවා.