මට යාළුවෝ තේරුම් ගන්න හොඳ අවස්ථාවක් ලැබුණා | Page 3 | සිළුමිණ

මට යාළුවෝ තේරුම් ගන්න හොඳ අවස්ථාවක් ලැබුණා

මේ දවස්වල චිලී පේන්න හිටියේ නැත්තේ ඇයි?

පේන්න හිටියේ නැත්තේ නැහැ.ඇත්තටම ඉස්සරට වඩා ගොඩක් කාර්යබහුලයි.පෞද්ගලික දේවලුත් එක්ක, ව්‍යාපාර වැඩකටයුතු නිසා කාර්යබහුල වෙලා හිටියේ.ඊට අමතරව, පසුගිය කාලේ පොඩ්ඩක් දුක හිතිලත් හිටියා. ඒ නිසාම පොඩ්ඩක් නිශ්ශබ්දව ඉන්න ඕන කියලා හිතුණා.දැන් සාමාන්‍ය පරිදි වැඩ කටයුතු පටන් අරගෙන කරගෙන යනවා.

ඔබ කතා කරන්නේ කලකිරිලා වගේ ?

එහෙම නෑ ඉතිං.ඇත්තටම කිව්වොත් පසුගිය කාලේ පොඩි දුකක් තිබුණා.අපි හිතන් නැති විදියේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙනවා.ඒවත් එක්ක පොඩි දුකකින් හිටියේ.ඒ දේවලුත් එක්ක සමාජය ගැන හොඳ අවබෝධයක් ආවා. මට ගොඩක් දෙනෙක් ආදරේ කරනවා කියලා දැනුණා.ඒ වගේම මට හිතුමතේ හරි වැරැද්ද දන්නේ නැතුව බනින පිරිසකුත් ඉන්නවා කියලා තේරුණා.ඒ වගේ දේවල් වලට පොඩි දුකක් ඇති වුණා.

මේ කාලේ ඔබට යහළුවන් පිළිබද හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති නේද?

ඔව්. ඔව්.

ඔබට ආව ප්‍රශ්න වලදී මඟ හැරපු යහළුවන් ගැන කතා කළොත්,

පවුලේ කට්ටිය මගේ ළඟින්ම හිටියා.ඒ වගේම මගේ යාළුවෝ,මං ආදරේ කරන අයත් මගේ ළඟින් හිටියා සහ ඒ අය මං වෙනුවෙන් ඉන්නවා කියලා මට දැනුණා. මඟ හැරපු කට්ටියත් ඉන්න ඇති.ඒකට ඉතිං දුකක් නැහැ.සාමාන්‍යයෙන් සමාජය කියන්නේ මේක කියලා තේරුම් ගන්න හොඳ අවස්ථාවක් වුණා.සමහරුන් යාළුවෝ කියලා හිතන් හිටපු අය කතා නොකරපු අවස්ථා තිබුණා.අඩුම තරමේ මොකද්ද වුණේ කියලාවත් සොයන් නැතුව ඉන්න පිරිසකුත් හිටියා.හොඳ අවස්ථාවක් වුණා යාළුවෝ තේරුම් ගන්න.

ඔබ නිහඬව හිටිය කාලය තුළ ප්‍රේක්ෂකයන් ඔබගෙන් ගිලිහුණා කියලා හිතෙන් නැද්ද?

ගිලිහීමක් වෙලා නැහැ.මට තියෙන ජනප්‍රියත්වයේ කිසිම අඩුවක් දැනෙන්නේ නැහැ.ළඟදී ගීතයක් කළේ නැහැ කියලා මට තියෙන ජනප්‍රියත්වය අඩු වෙලා නැහැ.දවසින් දවස මට ආදරේ වැඩි වෙනවා කියලා දැනෙනවා.

අලුත් ගීතයක් ප්‍රේක්ෂකයනට කවදාද දෙන්නේ ?

මේ දවස් වල අලුත් music video එකක් කරන්න සුදානම් වෙනවා.බොහෝ දුරට මාර්තු මාසයේ release කරන්න තමයි හිතන් ඉන්නේ.තාම concept එකක් එහෙම හිතල නැහැ.හැබැයි විශේෂ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.මගේ පෙනුම එහෙම වෙනස්ම විදියකට දකින්න වගේම ,ලස්සන දෙයක් කරන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ.

ඔබ ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් ද ?

අවුරුදු නමයක්

අද ගොඩක් අය Music Industry එකේ ලොකු ලොකු දේවල් කරනවා.ඔබට එහෙම දෙයක් කරන්න හිතිලා නැද්ද ?

මට කවුරු එක්කවත් තරගයක් නැහැ.මම කරන දේ තෝරා බේරා ගෙන,මම ආසා දේ මම කරන්නේ.සල්ලි වලටවත් market එකට ඕන ඕන දේවල් කරලා,බොරුවට කැපිලා පේන්න දඟලන්නේ නැහැ. මගේ පාඩුවේ මගේ පරාසය ඇතුළේ මම සතුටක් විදිනවා.ඒක මගේ ක්‍රමය.

ඔබ හිරු නාළිකාවේ කරගෙන ගිය නිවේදන කටයුතු වලින් අයින් වුණාද?

වැඩසටහන තියෙන වේලාවත් එක්ක මට වේලාව වෙන් කරගන්න අමාරු වුණා.ඒ ප්‍රශ්නය නිසා අයින් වුණා.නමුත් මට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා.නිවේදනයට ඉදිරියේදී ආරාධනාවක් හම්බ වුණොත් අනිවාර්යෙන් කරනවා.මම ඒ දේවල් කළේ සල්ලි හම්බ කරන්න නෙමෙයි.නමුත් මම ප්‍රේක්ෂකයන්ව හම්බ කරලා තියෙනවා.

දැන් ඔය තනිකඩ ජීවිතෙන් මිදෙන්න කාලය හරි නේද ?

තාම නෑ තාම නෑ

බගේම ගීතයන් තුළ ඔබ වෙන අයත් එක්ක රඟපානවා.ඒ දේවල් වලට Girl Friend එපා කියන්නේ නැද්ද?

එහෙම කියන වෙලාවල් තියෙනවා.ඒක සමහර වෙලාවට පොඩි ඉරිසියාවක් එන්න ඇති.එයා එපා කිව්වා කියලා මම එච්චර ඒවා ලොකුවට අරගන්නේ නැහැ.එයාගේ කැමැත්ත අකැමැත්ත අනුව වැඩ කරන්න බැහැ.

ඇයි ඇයව ඔබගේ music video ගන්නේ නැත්තේ ?

මම ආසා නැහැ එයා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට.මොකද මම ක්ෂේත්‍රයේ ඉන්නවා.එක්කෙනෙක් ක්ෂේත්‍රයේ ඉන්නවා නම් ඒ ඇති.දෙන්නෙක් අවශ්‍ය නෑ.පෞද්ගලික ජීවිතය මම ක්ෂේත්‍රයට කොහොමත් ගාව ගන්නේ නැහැ.

ඉදිරියේදී චීලිව සිනමාවෙන් දකින්න ලැබෙයි නේද?

ඔව්.මට අලුත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා.මේ මාසේ අන්තිමට එහි වැඩ පටන් ගන්නවා.

Comments