
තනිවූ ළඳක් විඳින හිරිහැර ගැන කියන මිළින මල් හැඩකාරිය
මිළින මල් හැඩකාරියේ ගීතයෙහි සම්පූර්ණ පදමාලාව.
මෝසමට බය මිළින මල් හැඩකාරියේ මොහොතකට නුඹෙ හදට ළංවී රැඳෙනවද හැඩකාරියේ ආදරය වී හදේ ඉන්නවද මේ රැයේ සතුටු සයුරක මහද පාරන සෙනෙහසේ මායා දැලේ... ළැමබරයි සිත දවන පහසින් සලු ලිහෙන්නට තරම් පිරිපුන් හොඳම තැන ඒ තමයි විඳින්නට කුළු ගැනුන නුඹෙ හැඟුම් එකවර ආදරය වී හදේ... සලිත විය මගෙ සිත සැණින් කිරි සුවඳ ඇය ළැම මතින් විඳිනු කෙලෙසද නුඹෙ පහස මම ළය පතුලෙ මවු සෙනෙහස යටකර ආදරය වී හදේ...
මේ වනවිට මියුසික් වීඩියෝ නිර්මාණය කිරීම වෙනමම කලාවක් බවට පත්වෙලා. ඒ හේතුවෙන් දින දින එළිදැක්වෙන මියුසික් වීඩියෝස් ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් වැඩිවෙලා තිබෙනවා. ඒ අතරින් බහුතරයක් වීඩියෝ ඒකාකාරීයි. විශේෂයෙන් වර්තමානයේ පවතින විරහ ගීතවල එම විරහ ගී රැල්ල නිසා ඊට අදාළව නිර්මාණය වන වීඩියෝවල කතාවත් එකිනෙකට සමානයි. මේ අතරින් තරමක වෙනස් කතා පුවතක් ඇසුරෙන් නිර්මාණය වූ මියුසික් වීඩියෝවක් පසුගිය දිනවල අන්තර්ජාලයහි සැරිසරද්දී දක්නට ලැබුණා. මෙම ගීතය ගයන්නේ චානක පෙරේරා. ඔහු නව පරපුරේ ගායකයෙක් මෙය ඔහුගේ දෙවැනි ගීතයයි. ‘මිළින මල් හැඩකාරියේ’ ලෙසටයි. එම ගීය නම් කොට තිබෙන්නෙ යොවුන් කවියකු වූ චානක රාජකරුණා එහි පද රචනය නිමාකොට තිබෙනවා. සංගීතය ත්රිෂාන් බදුගේගෙන්.
මෙලොෙවහි සුන්දරත්වය දෙනෙතින් දක්නට නොහැකි වූ ගායිකාවක වන නිමේෂා මුතුකුමාරණ ගයන දුරින් ඉඳන් ගීතය ඇයට නිර්මාණය කරලා දුන්නෙත් ත්රිෂාන්. ඔහු අතින් නිමවූ තවත් ගීත බොහොමයක් තියෙනවා. ඒ පෙළ සලකා බලද්දී මිළින මල් හැඩකාරියේ තමන්ට විශේෂ වූ බැවු ත්රිෂාන් ද අප හා පැවසුවා.
තනිවූ කාන්තාවකට විඳින්න සිදුවන හිරිහැර කරදර පිළිබඳව කතා කරන්නටයි. මෙම ගීය ගැයූ චානකට අවශ්‍ය වී ඇත්තේ ඔහුගේ අදහසකට අනුවයි ගීය නිර්මාණය වුණේ. මෙහි රූප රචනය හලාවත අවට ප්‍රදේශයන්හි රූගත කොට තිබෙනවා. අයේෂා මධුශානි සහ ලහිරු එහි චරිත රංගනයේ යෙදෙනවා. මිළින මල් හැඩකාරියේ යන නම සටහන්කොට අන්තර්ජාලය ඔස්සේ මෙම ගීතය රසවිඳිය හැකියි.