
වෙනදා ඔබ පැය භාගයක පමණ වේලාවක් ගත කර අන්තර්ජාලයෙන් Download කළ චිත්‍රපටයක් Music Video එකක් විනාඩි තුන හතරක් වැනි කෙටි කාලයකින් Download කළ හැකිනම්...
ඔබේ නිවසේ සිට මීටර් 50ක් දුර ඇතුළත ඕනෑම ස්ථානයක සිට Wi-Fi තාක්ෂණය හරහා ඔබේ ජංගම දුරකතනය මඟින් ඉතා උසස් තත්ත්වයෙන් යුතු රූප සහ ශබ්දය සහිතව චිත්‍රපටයක් හෝ Music Video එකක් නැරැඹිය හැකිනම්...
ඔබ වඩාත් සතුටට පත්වෙනවා නේද? ඒ සතුට අද කෙසේවත් ඉතා දුරස් වූ දෙයක් නොවේ. ඒ සතුට ඔබ සමීපයේම ඇත. ඔබ කළ යුත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් සපයනු ලබන ' SLT 4G වසන්තය' අන්තර්ජාල පහසුකම හා සම්බන්ධ වීම පමණි.
අන්තර්ජාලය තුළ වැදගත් ලක්ෂණය
'මේ වන විට තරගකාරී ලෙස අන්තර්ජාල පහසුකම් සපයන ආයතන ලංකාවේ කීපයක්ම ඇත. සියුම් ලෙස විමසා බලන විට එම ආයතනවලින් සපයන අන්තර්ජාල පහසුකම්වල තත්ත්වය එකිනෙකට වෙනස් බව පෙනී යනවා. ඇතැම් ආයතන මඟින් සපයන අන්තර්ජාල පහසුකම්වල තත්ත්වය අන්තර්ජාල එපා කරවනසුලුය. ඒ තරමටම ඒවා මන්දගාමීය. වර්තමානයේදී අන්තර්ජාලය තුළ වඩාත්ම වැදගත් ලක්ෂණයක් ලෙස සැලකෙන්නේ දත්ත හුවමාරු කිරීමේ වේගයයි. (Data Speed). එහිදී තත්පරයට Kilo bite 100 ක දත්ත හුවමාරු කිරීම (1G 1st Generation) ලෙස සැලැකේ. මෙම තත්ත්වය අද වඩාත්ම දියුණු වී 4G දක්වා වර්ධනය කර ගැනීමට ටෙලිකොම් ආයතනයට හැකියාව ලැබී තිබෙනවා. මෙවැනි සුපිරි වේගයක් තම පාරිභෝගිකයින්ට ලබා දෙන එකම අන්තර්ජාල පහසුකම් සැපයීමේ ආයතනය වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පමණයි. එය 'SLT 4G වසන්තය' සබඳතාවයයි. මෙම සුපිරි තාක්ෂණය ඔබේ ජීවිතය අලුත් කරනු නොඅනුමානයි'.
'SLT 4G වසන්තය'සබඳතාව පිළිබඳව මෙලෙස අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධානී අලෙවි නිලධාරී අජන්ත සෙනෙවිරත්න මහතායි.
දත්ත හුවමාරුවේ අතිනවීන තාක්ෂණය
අන්තර්ජාල පහසුකම් සපයන ආයතන අතරින් ශ්‍රී ලංකා ටෙලිකොම් ඉදිරියෙන්ම සිටින්නේ සාධක කීපයක්ම නිසාය. ඉන් එක් ප්‍රධාන හේතුවක් වන්නේ රැහැන් සහිතව සහ රැහැන් රහිතව යන දෙආකාරයෙන්ම අන්තර්ජාල පහසුකම් සපයන ලංකාවේ එකම ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් වීමය. එසේම ලෝකයේ දත්ත හුවමාරු කිරීමේ අති නවීනතම තාක්ෂණයක් වන Fiber (FTPS) තාක්ෂණය භාවිත කරන එකම දුරකතන ජාලය වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වීමය.
තරුණයන් ඇද බැඳ තබාගන්නා වේගය
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ADSL 2+ තාක්ෂණය, 'SLT 4G LTE සහ SLT Fiber මඟින් ප්‍රධාන වශයෙන් අන්තර්ජාල පහසුකම ලබා දෙන අතර විදුලි රැහැන් භාවිත කරමින් Fiber තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම ලබා දෙන්නේ නගරාසන්නව සිටින වැඩි දත්ත ප්‍රමාණයක් - වැඩි වේගයකින් හුවමාරු කරගැනීමේ අවශ්‍යතාවය ඇති පාරිභෝගිකයින් සඳහාය. රැහැන් රහිත SLT 4G LTE තාක්ෂණය යොදාගන්නේ රැහැන්වලින් සබඳතාවය ලබාදිය නොහැකි ස්ථානවලට අන්තර්ජාල පහසුකම ලබාදීම සඳහාය. මෙලෙස ආකාර කීපයකින්ම අන්තර්ජාල පහසුකම ලබාගත හැක්කේ ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් පමණි.
වේගවත් බව තාරුණ්‍යයේ එක් ප්‍රධාන ලක්ෂණයකි. අන්තර්ජාලය ඇසුරු කිරීමේදී ද දත්ත හුවමාරු කිරීමේ වේගය පිළිබඳව තරුණ තරුණියෝ බොහෝ සැලකිලිමත් වෙති. එසේම එම දත්ත සතු තත්ත්වයෙන් උසස් බව තාරුණ්‍යයේ සිත් ඇදබැඳ ගැනීමට සමත්ය. ඒ සඳහා සුදුසුම ක්‍රමය වන්නේ SLT 4G LTE මඟින් අන්තර්ජාලයට සම්බන්ධ වීමය.
මේ පිළිබඳව පැහැදිලි කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සාමාන්‍යාධිකාරී නව නිපැයුම් ප්‍රවර්ධන ප්‍රභාත් දහනායක මහතාය.
'වර්තමානයේදී බොහෝ තරුණ තරුණියන් පුරුදුව සිටින්නේ තම ජංගම දුරකතන සබඳතාවය හරහා අන්තර්ජාලයට පිවිසීමටයි. එලෙස අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි වුවද එසේ ලැබෙන වින්දනය සහ පහසුකම් සීමා සහිතයි. ලෝකයේ ඕනෑම රටක මෙන්ම ශ්‍රී ලංකාවේ ද බොහෝ දෙනෙක් නිවස තුළදී අන්තර්ජාලයට පිවිසෙන්නේ ස්ථාවර දුරකතන සබඳතාවයක් හරහා වන අතර එහිදී එම නිවසේ සිටින පියාට, මවට, සහොදරයකුට මෙන්ම ඕනෑම අයෙකුට තම පරිගණකය මඟින් Wi-Fi තාක්ෂණය මඟින් දවසේ පුවත්පත් කියවිය හැකිය. මවට ටැබ් උපකරණයක් මඟින් කෑම වට්ටෝරුවක් Download කළ හැකිය. දරුවන්ට තම ජංගම දුරකතන මඟින් පරිගණක ක්‍රීඩාවක හෝ අධ්‍යාපනික කටයුත්තක නිරත විය හැකිය. මෙහිදී නිවස තුළ SLT 4G LTE තාක්ෂණය භාවිත වන්නේ නම්, වැඩි ප්‍රයෝජනයක් අත්කර ගැනීමේ හැකියාව ඇත. එහිදී ඉතාම සුපැහැදිලි තත්ත්වයෙන් යුතු (High Definition) චිත්‍රපටයක් හෝ Music Video එකක් නැරැඹීමේ හෝ Download කරගැනීමේ හැකියාව ඇත; එසේම එය ඉතාම කෙටි කාලයක් තුළ කරගැනීමේ හැකියාව ඇත.'
බොහෝ තරුණ තරුණියන් නිවසේ තම කාමරයට සීමා නොවී මිදුලේ ඇවිදිමින් හෝ නිවස අසල නිදහස් තැනක සිටිමින් අන්තර්ජාලය ඇසුරු කිරීමට කැමැත්තක් දක්වති. එසේම තම ප්‍රියයන් හා අන්තර්ජාලය හරහා කතා කිරීමට කැමැත්තක් දක්වති. මේ සඳහා සුදුසුම වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් සපයන SLT 4G LTE තාක්ෂණය හා සම්බන්ධ වීමය.
e-Sport වත්මන් තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියව ඇත. මේවා අන්තර්ජාලය හරහා කරනු ලබන පරිගණක ක්‍රීඩාවන්ය. මේ සඳහා වේගය ඉතා අවශ්‍යය. ඒ සඳහා ගැළපෙන නිවැරැදිම අන්තර්ජාල සබඳතාවය වන්නේ SLT 4G LTE ය.
ගැළපෙන නිවැරැදි අන්තර්ජාල සබඳතාව
Wi-Fi තාක්ෂණය භාවිත කිරීමේදී ද ac නම් අති නවීන තාක්ෂණය භාවිත කරන ලංකාවේ එකම අන්තර්ජාල පහසුකම් සපයන්නා වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම්ය. ඒ SLT 4G LTE හරහාය.
අන්තර්ජාලයෙන් Download කරගත් කෑම වට්ටෝරුවකට අනුව කෑම පිස තම පවුලේ උදවියට රසවත් කෑම වේලක් ලබාදීමට අද ගෘහණියෝ බොහෝ දෙනෙක් පෙලඹී සිටිති. ඇතැම් අන්තර්ජාල සබඳතාවල ඇති මන්දගාමී බව නිසා කෑම වට්ටෝරුව Download කිරීමට ගතවන කාලය වැඩි වීම නිසා කෑම ගන්නා වේලාව පසුවීමටත් ඉඩ ඇත.
එසේම යෝග වැනි ව්‍යායාම අන්තර්ජාලය හා සම්බන්ධ වී කිරීමට බොහෝ තරුණ තරුණියෝ පෙළඹී ඇත. ඒ එම ව්‍යායාම ඉතා නිවැරැදිව කිරීම සඳහාය. එය ද සාර්ථකව කළ හැක්කේ නිවැරැදි වේගයකින් අන්තර්ජාලය සමඟ සම්බන්ධ වුවහොත් පමණි. මෙම සෑම ගැටලුවකින්ම මිදී ඉතා වේගයෙන් සුපැහැදිලි දසුන් සහ ශබ්ද රටා සමඟ අන්තර්ජාලය හා සම්බන්ධ වීමට SLT 4G LTE ඉතා හොඳ පිළියමකි. මේ සඳහා සුවිශේෂී උපකරණ දෙකක් ටෙලිකොම් ආයතනය හඳුන්වා දී ඇත. මෙමඟින් ඔබේ ජීවිතය වඩාත් වේගවත් සුපැහැදිලි සහ අර්ථවත් වනු නොඅනුමානය.