
පොලොස් සීනි සම්බෝලය
මේ දේවල් අවශ්‍යයයි
පොලොස් ගෙඩියක්
සුදුලූනු බික් - 4ක්
රතුලූනු - 250g
ලොකු ලූනු - 250g
කරපිංචා, රම්පේ
ඉඟුරු කැබැල්ලක්
කුරුඳු පොතු ටිකක්
අබ අහුරක්
එනසාල්, කරාබු නැටි
ගම්මිරිස්
කෑලිමිරිස්
මේස හැඳි 1 1/2
උම්බලකඩ හෝ
කූනිස්සන් - 100g
රටඉඳි - ගෙඩි 8
ලුණු රස අනුව
පොල්තෙල් අවශ්‍ය පමණ
සාදන ක්‍රමය:-
මුලින් ම පොලොස් ගෙඩිය සිහින්ව ලියා ගන්න. ඉන්පසුව උම්බලකඩ (කැබැලි ලෙස) හෝ කූනිස්සන් හොඳින් සෝදා ගන්න. රතු ලූනු, ලොකු ලූනු, සුදු ලූනු, ඉඟුරු හා කරපිංචා ද සිහින්ව ලියා ගන්න. අබ අඹරා ගන්න. දැන් පොලොස් කැබැලිගෙන ලුණු හා කහ ස්වල්පයක් දමා අතගා ගැඹුරු තෙලේ දමා රන්වන් පාට වන තෙක් බැදගන්න. දැන් කූනිස්සන් හෝ උම්බලකඩ, රතුලූනු, ලොකුලූ ලූනු හා කරපිංචා ද සරසර ගාන්නට බැදගන්න. පසුව මැටි භාජනයකට තෙල් ස්වල්පයක් දමා ළිප තබන්න. රත්වන විට එයට ඉඟුරු, සුදුලූනු දමා බැදෙන්නට හරින්න. ඉන්පසුව රම්පේ, අඹරාගත් අබ, එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු, කෑලිමිරිස්, ගම්මිරිස්, ලුණු, රටඉඳි ආදිය ද එකතු කරන්න. අවසානයේ කලින් බැද සකසා ගත් පොලොස් සහ බැදගත් සියල්ල දමා හොඳින් කලවම් කරගන්න.
මෙය නිවුණු පසු භාජනයක අසුරා තබාගෙන දිනක් දෙකක් පමණ පාන් බනිස් ආදිය සමඟ ආහාරයට ගත හැකියි.
කී රොටී සමඟ කිරි පැණි හොද්ද
මේ දේවල් අවශ්‍යයයි
කැකුළු හාල් පිටි - 500g
කිතුල් පැණි - 200ml
උකු පොල්කිරි අඬු කෝප්ප - 4 - 5
කපාගත් සුදු ලූනු බික් - 2
ගම්මිරිස් ඇට - 4 - 5
පොල් වතුර අඬු කෝප්ප - 2
සාදන ආකාරය :-
පළමුව හාල්පිටි පොල්වතුර සමඟ මිශ්‍රකර පදමට ලුණු දමා ඝනකම මිශ්‍රණයක් සාදා ගන්න.
එයට මිටිකිරි ද එක්කර උකු මිශ්‍රණයක් සාදාගන්න. පසුව රොටී පුළුස්සන තැටියක් ළිප තබා රත්වුණු පසු එම මිශ්‍රණයෙන් අඬු කෝප්ප 1/2 බැගින් දමා රොටී පුළුස්සා ගත යුතුයි. (තෝසේ ආකාරයට) ඉන්පසුව වෙනත් භාජනයකට මිටිකිරි ළිපතබා මඳගින්නෙ උතුරවා ගන්න. එයට සුදුලූනු, ගම්මිරිස් සහ කිතුල් පැණි දමා කලවම් කර සාදා ගත් රොටී කිරි මිශ්‍රණයට දමා පොඟවා කෑමට ගන්න.
පිපිඤ්ඤා මිශ්‍ර කොළමිදි පානය
මේවා අවශ්‍යයයි
පිපිඤ්ඤා ග්‍රෑම් 500ක් , කොළපාට මිදි - 200g
පදමට සීනි , අයිස් කැට අවශ්‍ය ප්‍රමාණයට
වතුර වීදුරු - 3 - 4
සාදන ආකාරය :- පිපිඤ්ඤා ගෙඩියේ කිරි ඉවත් කර පොතු ගසා ගන්න. දැන් මෙය කුඩාවට කපා ගන්න. මෙලෙස කෑලි කපා ගත් පිපිඤ්ඤා ඇට ඉවත්කර බ්ලෙන්ඩරයට දමා වතුර වීදුරු දෙකක් දමා පදමට සීනි දමා හොඳින් ගසා ඉස්ම පෙරා ගන්න. කොළපාට මිදි පොතු හා ඇට ඉවත් කර බ්ලෙන්ඩරයට දමා වතුර දමා ගසා ගන්න. දැන් යුෂ වර්ග දෙකම එකට දමා පදමට අයිස් සහ සීනි එකතු කර වීදුරු වලට දමා පිළිගන්වන්න.