මම නිළියක් වෙන්න හීන මැවූ කෙනෙක් නෙමෙයි | සිළුමිණ

මම නිළියක් වෙන්න හීන මැවූ කෙනෙක් නෙමෙයි

 උමයංගනා වික්‍රමසිංහ

ඇයව බොහෝදෙනා දැන හඳුනා ගත්තේ ‘දේදුණු’ කියන චරිතය හරහාය.ඉන්පසු ඇය රංගනයෙන් දායකවුණු චරිත ගණනාවක් ඇති මුත් දේදුණු චරිතයට එදා ලැබුණු ආදරය තවමත් අඩුවක් නැතිව ඇයට ලැබෙනවා. පුංචි තිරයෙන් රංගනය අරඹා ඉන්පසු වේදිකාවට ගොඩවුණු ඇගේ අලුත්ම තොරතුරු සොයන්න අපිට හිතුණා.එහෙත් ඇය සොයා ගෙන අපි ගියේ නිවෙසට නම් නොව වේදිකාවටයි. මේ වේදිකාව මත සිට ඇය සමඟ කළ පිළිසඳරයි.

මේ දවස්වල උමයංගනා වැඩිපුර වේදිකාවේ කියලා ආරංචියි

වැඩිපුරම කියලත් කියන්න බැහැ.ඒත් වේදිකා නාට්‍ය කිහිපයකම වැඩ කරගෙන යනවා.

කොහොමද වේදිකාවත් එක්ක ගෙවන ජීවිතේ ?

වේදිකාව කියන්නේ ටිකක් අපහසු,ගොඩක් කාලය කැප කරන්න ඕන තැනක්.හැබැයි වේදිකාවෙන් ලැබෙන පෝෂණය අති විශාලයි.ඒ නිසා මම කොහොමත් වේදිකාවත් එක්ක ගෙවෙන කාර්යබහුලත්වයට ගොඩක් කැමැතියි.

රංගනයෙන් දායක වෙන වේදිකා නාට්‍ය ගැන දැන ගන්න කැමැතියි

පසුගිය වසරේ රාජ්‍ය සම්මාන ලබාගත් ‘රජා මං වහලා’ කියන වේදිකා නාට්‍ය මේ දිනවල වේදිකාගත වෙනවා.ඒ වගේම ඒ නාට්‍ය මේ මාසේ 02 වන සතියේ වගේ දිල්ලි භාරත රංග මහෝත්සවයට( International Theater Festival ) සහභාගී වෙනවා.ඊට අමතරව ‘මාරක ළිදේ සවාරියක්’ වේදිකා නාට්‍ය දර්ශනගත වෙනවා.පසුගිය සතියේ අලුත් වේදිකා නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා.ඒ උදයසිරි වික්‍රමරත්නයන්ගේ අලුත්ම වේදිකා නිර්මාණය වන ‘360 එක’. ඉතිං ඔය කටයුතුත් එක්ක තමයි වේදිකාවේ ගෙවෙන්නේ.

හිරු නාළිකාවේ විකාශනය වන අලුත්ම ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉරේෂ් ලොකු බණ්ඩාර අධ්‍යක්ෂණය කරන ‘නිසල සඳ ඔබ’ ටෙලි නාට්‍ය යේ ‘මෙල්නාදී සේරම්’ කියන චරිතය හරිම වෙනස් ආකාරයේ නිර්මාණයක්. ලැබෙන ප්‍රතිචාර හුඟක් ඉහළයි.

පොඩි කාලේ ඉඳන් හීන දැක්කේ වේදිකාවට ද, සිනමාවටද නැත්නම පුංචි තිරයට ද ?

නැහැ,මම පොඩි කාලේ ඉඳන් රංගන ශිල්පිනියක් වෙන්න හීන දැක්කේ නැහැ.

එහෙනම් කවුරු වෙන්නද හීන දැක්කේ ?

ඇත්තටම මම වෛද්‍යවරියක් වෙන්න සහ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න හීන දැක්කේ.දෙරණ රූපවාහිනියේ ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වෙන්න සුදුසුකම් ලැබුවා.ඒත් රංගනය කියන දේත් එක්කයි මට දෙකම එකවිට කරගෙන යන්න මට අවස්ථාව ලැබුණේ.ඉතිං එක හීනයක් හැබෑ වුණා.මම ඉන්න රංගන වෘත්තිය ගැන ඉතාමත් සතුටු වෙනවා සහ ගරු කරනවා.

සිනමා නිර්මාණ වලට දායක වෙන්නත් අවස්ථාව ලැබුණලු නේද ?

ඔව්.මේ දිනවල චිත්‍රපට දෙකක රංගන කටයුතු කළා.එකක් තමයි සුනිල් ප්‍රේමරත්න මහත්මයගේ නවතම සිනමා නිර්මාණය ‘ටවුම ස්කෝලේ’ සහ චන්දන වීරකෝන් කියන දක්ෂතම නිතීවේදියගේ සිනමා නිර්මාණය වන ‘ආදරණිය විකී’ කියන සිනමා නිර්මාණයන් වලට දායක වුණා.

කොහොමද මේ හැමදෙයක්ම ගැටලුවක් ඇති නොවෙන විදියට කරගෙන යන්නේ ?

මාසෙකට එක නිර්මාණයක් ඇරෙන්න තවත් නිර්මාණ පටලවාගෙන වැඩ කරන්න අමාරුයි.කොහොමත් ඉඩකඩ බෙදාගෙන තමයි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ.ඒ නිසා ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.

ඔබට හැකියාවන් තිබියදීත් ඇයි රියැලිටි වැඩසටහනකට සහභාගී නොවෙන්නේ ?

මම ඒ දේවල් කරලා තියෙනවා.දැනටත් මම ගායන කටයුතු වලට සහභාගී වෙනවා.මම ඒ සම්බන්ධව voice Training යනවා.අනිත් අය තරග කරන විදිය දකිනකොට මට සතුටුයි .ඉතිං මට දුකක් ඇති වෙන්න තරම් දෙයක් නැහැ ඒ දේවල් වලට සහභාගී නොවුණා කියලා.

ඔබ දන්නවද ඔබ ගැන ක්ෂේත්‍රයේ විවිධ කට කතා පැතිරෙනවා කියලා ?

කට කතා කිව්වට මං දන්නේ නැහැ මොනවද කියලා.එහෙම පැතිරුණත්,මට අදාළත් නැහැ.මම හිතන්නේ ඒක හරි පහත් දෙයක්.

දෙවියන්ගෙන් උමයංගනාට වරමක් ලැබුණොත්, මොනවද ඉල්ලන්නේ ?

මම දෙවියන්ගෙන් කිසිම දෙයක් ඉල්ලන කෙනෙක් නෙමෙයි .

අපහසු හැරිලා බැලුවොත් ඔබ තෘප්තිමත් කියලා හිතනවද?

ඔව්. අනිවාර්යයෙන්ම

මේ හැමදේම අතරේ තවත් වැඩ ගොඩක් කරගෙන යනවාලු නේද ?

ඔව්,සරස්වතිචන්ද්‍ර කියන ටෙලි නාට්‍යට සහ ප්‍රේමා යුධය කියන ටෙලි නාට්‍ය සඳහා හඬකැවීම් වලට සහභාගී වෙනවා.ඊට අමතරව ජයන්ත කරුණාසේකර සර් ළග භාරත නාට්‍ය හදාරනවා.

වේදිකාව, සිනමාව, රූපවාහිනිය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙද්දී ඔබ වාසනාවන්තයි කියලා හිතෙන්නේ නැද්ද ?

මම නම් එහෙම කියන්න දන්නේ නැහැ.මම හිතනවා කෙනකුට ක්ෂේත්‍රයේ ඉදිරි පැවැත්ම සඳහා දක්ෂතාව,හැකියාව විතරක් නෙමෙයි යම් කිසි දේකින් වාසනා ගුණයකුත් තියෙන්න ඕන සහ මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදියකුත් තියෙන්න ඕන.

ඔබට මේ හැම දෙයක්ම කර ගෙන යන්න ලැබුණේ ඔබට ලැබුණු නිදහස නිසා නෙමෙයි ද ?

එහෙම නැහැ. මම විශ්වාස කරන්නේ. ලෝකයේ ගොඩක් දේවල් කරන මිනිස්සුන්නට හෝ නොකරපු මිනිස්සුන්න්ට නිදහස කියන් දේ අදාළ වෙන්නේ නැහැ කියන දේ 

 

Comments