පරම්පාරවෙන්ම කලාවට උරුමකම් කියන්නට වාසනාවන්ත වූ යොවුන් රංගන ශිල්පිනියක් තමයි තිසුරි යුවනිකා. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයක් ඔස්සේ ම ප්‍රේක්ෂකයන් හමුවට ඇය පැමිණෙනවා. ඇගේ නවතම රඟපෑම් 'නිදහසේ පියා ' චිත්‍රපටය ඔස්සේත් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන්නට ඇය සූදානම් වෙනවා. ඒ තනිවම නෙවෙයි. ඇගේ මව සුසන්තා චන්ද්‍රමාලිත් එක්කයි. මේ චිත්‍රපටය තිසුරිට එක් අතකින් විශේෂයි. ඒ පළමු වරට තිසුරි ප්‍රධාන චරිතයක තරුණ කාළෙත් මව ඒ චරිතයේම මැදිවියත් රඟපාන නිසා. මේ ගැන තිසුරි අපිත් එක්ක කිව්වේ මේ විදිහට.'නිදහසේ පියා' සුනෙත් මාලිංගගේ නවතම චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ මම රඟපාන්නේ ඩී.එස් සේනානායකයන්ගේ බිරිඳ 'මොලී දුණුවිල මැතිණිය' විදිහට. ඒ චරිතය වයස 28ට දක්වා මම රඟපානවා. එතැනින් පසුව මොලී මැතිණිය ලෙස රඟපාන්නේ මගේ මවයි. මේ චිත්‍රපටයේ චරිත සඳහා නළු නිළියන් තෝරා ගනිත් දී ඒ සැබෑ චරිතවල මුහුණුවරට ගැළපෙන මුහුණු තමයි යොදාගෙන තිබෙන්නේ. මොලී දුණුවිල වැනි චරිතයක් රඟපාන්නට ලැබීම ඇත්තටම සතුටක්.'
තාරකා නිහඬ ඇයි?
නිවේදිකාවක, නවකතා රචිකාවියක ලෙස රසිකයන්, පාඨකයන් අතරට පැමිණි තාරකා වාසලමුදලිආරච්චි මේ දවස්වල දක්නට නොලැබෙන තරම්. වසරකට වරක්වත් නවකතාවක් ඔස්සේ පාඨකයන් අතරට පැමිණි ඇය සාහිත්‍යයෙන් වගේම නිවේදනයෙනුත් දුරස්වෙලාද කියලා අපිට හිතුණා. ඒ නිසාම ඇය ගැන හොයලා බලන්න අපි කටයුතු කළා. ' මේ දවස්වල නම් සාහිත්‍ය කටයුතුවලට වඩා මුල් තැන දුන්නේ පවුලේ වැඩකටයුතුවලට. එනිසා නවකතාවකින් පාඨකයා හමුවට එන්න බැරි වුණා. ඒත් මම ලියූ නවකතාවලට තවමත් පාඨකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා. මඟතොටේදී හමුවන අය වගේම නවකතා කියවලා මුහුණු පොත ඔස්සේත් මට ප්‍රතිචාර දක්වනවා. එනිසා අලුත් නව කතාවකින් පාඨකයා හමුවට නොආවා කියලා දැනෙන්නෙ නැහැ. නමුත් තවත් අලුත්ම නව කතාවක් ලියන්න හිතේ අදහසක් තිබෙනවා. එය අකුරුවලට පත් කරන්න මඟබලාගෙන තමයි ඉන්නේ.
සරත්ට උත්තර නැහැ
සාමාන්‍යයෙන් නළු නිළියන් එකතු වුණාම ඔවුන් මුහුණපාපු අත්දැකීම් වගේම ගෙදරදොර සිදුවීමුත් කියන්න පසුබට වෙන්නෙ නැහැ. අපේ ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරිත් මේ වගේ අපූරු සිදුවීමක් මතක් කළේ පසුගිය දවසක කලාකරුවන් එකතු වූ මොහොතකයි. සරත්ට ඉන්නේ පුතයි දුවයි. අද ඒ දෙන්නම ලොකු දරුවන් වුණත් පුංචි කළෙ මේ දෙන්නා හරිම හුරතල්. දුව එක වසරේ ඉගෙන ගන්නකොට පුතා හතර වසරේ පාසල් සිසුවෙක්. දුව පාසල් යන්න පාන්දරින්ම නැගිටිනවා. පළමු වසරට දාපු දවසේ ඇය පාසල් යන්න නැගිටින්නේ පාන්දර 5.30ට. එත් පුතා හය හමාර විතර වෙනකම්ම නිදා ගන්නවලු. ඉතින් සරත් පුතාව නැගිටුවන්න ළඟට ගිහින් 'අනේ පුතේ බලන්නකො නංගී පාන්දර ඉඳලම ඉස්කෝලෙ යන්න ලැහැස්ති වෙනවා. ඔයා තාම නිදි. බලන්නකො නංගිට තියෙන උනන්දුව. ඔයාට නැහැනෙ. කියලා කිව්වලු. ඒත් ඒ දේවල් පුතා ගණනකට අරගෙන නැතුව කොට්ටෙත් බදාගෙන අනෙක් පැත්ත හැරිලා මෙහෙම කිව්වලු. 'හරි හරි එහොම ඉන්නකො. නංගි තවම එක වසරෙනෙ. හතරට ආවහම එයත් මේ වගේම වෙයි. කියලා. සරත්ට උත්තරත් නැති වුණාලු.
ජනකගේ කෑදරකම
ප්‍රවීණ නළුවන් අතර ඉදිරියෙන්ම ඉන්න නළුවෙක් තමයි ජනක කුඹුකගේ. ජනක වේදිකාවේ වගේම ටෙලි නට්‍ය ඔස්සේත් නිතරම අප අතරට එනවා. මේ දවස්වල කාර්ය බහුලම නළුවෙක් වුණත් ජනක හැම නාට්‍යයක් වෙනුවෙන්ම අපූරුවට කාලය බෙදාහදා ගන්නවා. ඒ වගේම මේ අතරතුර ඔහුගේ ප්‍රියතම විනෝදාංශයේ යෙදෙන්නත් ඔහු අමතක කරන්නේ නැහැ. මේ විනෝදාංශයට ඔහු මොන තරම් පෙරේත ද කිව්වොත් ලැබෙන හැම විවේකයේම ඔහු කාලය වෙන් කරන්නේ මේ විනෝදාංශය වෙනුවෙන්. ඒ තමයි චිත්‍රපට නැරඹීම. ඒ ගැන ජනක කියන්නේ මේ විදිහට. 'මම අනිවාර්යයෙන්ම විවේකයක් ලැබුණොත් චිත්‍රපටයක් නරඔන්න කාලයක් නම් හොයා ගන්වාමයි. වාසනාවට ගෙදර හිටියොත් බටහිර චිත්‍රපටි දෙකක්වත් නරඔනවාමයි. එතරම් පෙරේත කමක් චිත්‍රපටි නරඔන්න මා තුළ තිබෙනවා. ලෝකයේ විවිධ තොරතුරු හොයා යමින් විවිධ චිත්‍රපට නරඹන්න හැමදාමත් මම කෑදරයි.
සේනට කතා කරන්නම වෙනවා
හීං බබා සීයා කිව්වහම මුළු ලංකාවම ඔහුව හොඳින්ම හඳුනනවා. 'හීං බබා' සීයට රඟපාන සේන ගුණවර්ධන මේ දවස්වල ලංකාවෙ ඉන්න ජනප්‍රියම චරිතයක්. බාල මහලු කොයි කවුරුත් දැන් ඔහුව හොඳින්ම හඳුනනවා වගේම ඔහුගේ දක්ෂතාවයත් හඳුනනවා. මේ නිසාම සේනට විවිධත්වයෙන් යුතු චරිතවලට ආරාධනා ගලා ගෙන එන බව අපිට දැන ගන්නට ලැබුණා. 'මේ දවස්වල 'ආරාරිරෝ ' ටෙලි නාට්‍යයේ මම රඟපාන දෙමළ චරිතයට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
එහි මම කතා කරන භාෂා විලාසයට හුඟක් ප්‍රේක්ෂකයන් කැමැතියි. හීංබබා සීයා කතා කරන විදිහටත් ප්‍රේක්ෂකයන් හරිම කැමැතියි. මං කොතන ගියත් මම රඟපාන චරිත විදිහට කතාකරලා පෙන්වන්න කියලා කියනවා. මේ දවස්වල ‘රසගුලා‘ දෙමළ චරිතය රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක් වන බන්දුල විජේවීර සමඟයි. එතැනදී හුඟාක් රසවත් සිදුවීම් සිදුවෙනවා. ඔහු සංගීත ගුරුවරයා. මම ගෝලයා. දෙමළ විදිහට කතා කරන්න ගියාම හරි අපූරුවට ඒ විදිහට මට කතා කරන්න පුළුවන්. සමහර රසිකයන් මඟතොටේදි හමු වුණාම මම ඒ චරිත රඟපානවා කියලා පිළිගන්නෙම නැහැ. මගේ අනන්‍යතාවය ඔප්පු කරන්න මට ඒ විදිහට කතා කරන්නම වෙනවා. ඒ වගේම තවත් අලුත්ම ටෙලි නිර්මාණ කිහිපයකටත් විදෙස් සංචාර කිහිපයකටත් මට ආරාධනා ලැබුණා. මේ හැමදේම හරිම සතුටකින් තමයි මම කරන්නේ.'

තුෂාරි නේරංජා වික්‍රමසිංහ