
මංමුලා වුණු ජීවිතයකට මඟ හසර කියා දුන් සෙනෙහෙබර සිතක් ගැන කියන ආදරණීය නවකතාව
දුව කවදා හෝ වෛද්‍යවරියක් කිරීම පිළිබඳ සිහිනය විශ්මිගේ පියා තුළ තිබුණි. පරම්පරාගත වෛද්‍ය පරපුර නැතිව ගියේ භාෂා ශාස්ත්‍රය ඉගෙනීමට කෙනෙක් නැතිව ගිය හෙයිනි. පරම්පරාවෙන් ආ වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනීමට දුව කැමැත්තක් දැක්වූයේ නැත.
අංගම්පොර ශිල්පියෙක් ජ්යෙතිර්විද්යාව සහ වෛද්‍ය ශාස්ත්‍රය ද දැන ගත යුතුය.
මෙම අංගම්පොර සටන් කලාවේදී නිල ශාස්ත්‍රය ද අනිවාර්යයෙන් දැන ගත යුතුය. දැන් පැවරී ඇති සම්භාහන රැකියාව සාර්ථකව කිරීමට පුළුවන්වී ඇත්තේ එබැවිනි.
“දැන් මොකද දුවගෙ තීරණය හෙට උදෙන්ම විශ්වවිද්‍යාලයට යනවද?”
“අර ඇප්ලිකේෂන් දාල තිබුණ නිසා යනව. නැතිනම් මේ සැරේ මම අනිවාර්යෙන් ම පාස් වෙලා තියෙන්ට පුළුවන්.”
“දුව කැමැති තීරණයක් ගන්ට.”
“තාත්තෙ මම කැම්පස් යනවා කිව්වම මැඩම් හරි සතුටු වුණා. මැඩම් මට කොළඹ යන්න වාහනයක් එවනවා කිව්වා.”
“තරංගත් වාහනේ අරන් එනවා කිව්වා. දැන් මොකද කරන්නෙ.”
“මට ඔය දෙකම නැතිව දොඩන්දූවෙන් කොළඹ බස් එකක යන්ට පුළුවන්. තරංග අයියා මා එක්ක යන්නෙ ස්කූල් හයර් එක නතර කරගෙන. පව්නෙ.”
“මම මේ හාදයට කිව්වා. මේකෙන් වෙන්නෙ දෙන්නම තරහ වෙන එකයි.”
“දැන් කරන්ට දෙයක් නෑ. ඉස්සෙල්ල ආපු එකක යනවා.”
නිදා ගැනීමට ගියද බොහෝ වේලාවක් යනතෙක් ඇය වෙත නින්ද ළඟා වූයේ නැත. ප්රශ්නය සරල නැත. සිතිය යුතු බොහෝ දේ ඇත. වලව්වට සාත්තු සේවිකාවක් ලෙස ගිය බව සැබෑවකි. අද තමාට ඔවුන්ව සිතින් දමා යාමට නොහැකි තරම් ප්‍රශ්න සංකීර්ණ වී ඇත.
සුභද්‍රා ආර්යාව වන්දනා ගමනට කැඳවාගෙන යාමෙන් මානසික සතුටක් ලැබූ බව සත්‍යයකි. ඇයට ඕනෑවට වඩා වෙහෙසීමට ඉඩ නොදෙන ලෙස වෛද්‍යවරයා උපදෙන් දුන් හැටි මතකය. ගමන නිසා ඇය වෙහෙසවීම නරකය. නැවත අමාරුවෙන් සිටින බව හැගුණත් එය හෙළිදරව් නොකිරීමට උත්සාහයක් ගනී. පවුලේ මෙන් ම සමස්ත ව්‍යාපාර දාමයේ ම නායිකාව වූ සුභද්‍රා ආර්යාව සතුටින් තැබිය යුතුය. විශ්මි නිදා ගත්තේ තීරණයකට එළඹීමෙන් පසුවය.
*******
සුගන්ධ නිදා ගැනීමට ප්‍රථම අම්මාගේ බෙහෙත් වේල රැගෙන ගියේය. නැවත විශ්මි නිවෙසට නොඑනු ඇත. ඇගේ ජීවිතයට අනවශ්‍ය බලපෑමක් කිරීමට නොසිතෙයි. පෞද්ගලිකව ඇය හැර යාම දුකකි.
වෛද්‍ය විද්‍යාලයට යාමේ ඇගේ උත්සාහය අගේ කළ යුතුය. ඇගෙන් පසු අම්මා බලා ගැනීමට හෙදියක් සොයා ගත යුතුය. ප්‍රවීණ විෂයාර්ථ දැනුමට වඩා පවුලේ නායිකාව මෙන් කටයුතු කළ ඇය හැර යාම දුකකි.
ඇය පවුලේ සේවිකාව වූවා පමණක්ද? තමසිත උදුරා ගැනීමට කිසිම ගැහැනියකට මෙතෙක් හැකිවී නැත. ඇය ඒ දෙයට වාසනාවන්ත වූවාය.
“අම්මා හෙට ඉඳන් විශ්මි එන්නෙ නෑ.”
“හැමදාම ඒ ළමයව තියාගන්ට බෑනෙ. ඒ ළමයටත් අනාගතයක් තියෙන්ට එපායැ.”
“හොස්පිට්ල් එකට කියල තව නර්ස් කෙනෙක් ගෙන්වා ගම්මුද?”
“හෙදියො නම් ඕනෑතරම් ඇති. ඒත් මේවගෙ කෙනෙක් හොයා ගන්ට බෑ.”
“විශ්මිට කියල එයා දන්න හොඳ නර්ස් කෙනෙක් හොයා ගම්මු.”
“වෙන ගෑනියෙක් ආව නම් මේ ගෙදර විනාශ වෙන්න තිබුණා. පිරිමි ළමයි දෙන්නෙක් ඉන්න ගෙදරක තමනුත් පරිස්සම් වෙලා ඒ දෙන්නව ආරක්ෂා කරගෙන මගෙ වැඩ, වත්තපිටියෙ වැඩ ඔක්කොම කළා. මේ දෙන්නා මට වඩා විශ්මිට කැමැතියි. ඔය හෝන්දු මාන්දු වෙලා ඉන්නෙ යන නිසයි. වෙන ගැහැනියෙක් ආවොත්....”
“ඇයි අම්මා කල්පනා කළේ. නර්ස් කෙනෙක් ගම්මුද?”
“එපා. අපි අද දවල්ට පිසියො හම්බ වෙන්ට යමු.”
සම්මුඛ පරීක්ෂණයෙන් විශ්මි තේරෙනවාට කිසිම සැකයක් නැත. පැහැදිලිවම ඇයට සුබ පැතිය යුතුය. ඔහු රියැදුරාට ඇමතුමක් ගත්තේය.
“රත්නපාල”
“ඔව් සර් මම මේ මිස්ව ගේන්න දොඩංගොට යන ගමන්.”
“කොළඹ එනකොට කළුතර බෝධිය ගාව නතරකරල වැඳල යන්න කියන්න.”
“අපි කොහේ ගියත් බෝධීන් වහන්සේට නමස්කාර කරලනෙ යන්නෙ.”
“ඔව් සර් එහෙම තමයි යන්නෙ.”
“හරි හරි දැන් යන්න.”
ඇය පාන්දරින් නැගිට සූදානම් වුණාය. පැහැදිලිවම මෙය තීරණාත්මක ගමනකි. තරංග කියන්නේ හැමදාම ධනයට බලයට යටත්ව සිටීම දුර්වලකමක් බවය. බොහෝදුරට ඈත සිට බලන්නකුට යථාර්ථය අවබෝධ වන්නේ නැත.
විශ්මි ද වලව් පැළැන්තිය දෙස බැලුවේ එපරිද්දෙනි. සුභද්‍රා ආර්යාව වැනි කාන්තාවක් මිනිස්සුන්ට කොතරම් උදව්පදව් කරනවාද? ඇය යටතේ වැඩ කරන සමාගම්වල සේවක පිරිසට වැටපු, සේවක අර්ථසාධක මුදල්, ප්‍රසාද දීමනා වශයෙන් සෑහෙන මුදලක් ගෙවන බව දනී, ඉලව්වක්, මඟුල් ගෙයක් වූ අවස්ථාවක කළ හැකි උපකාරයක් කරයි.
ඔවුන්ට තවත් කෙනෙක් සූරාකෑමට අවශ්‍යතාවක් නැත. තරංග සූදානම් වන්නේ සුගන්ධ කෙරෙහි සිත් බිඳවීමටය. ඔවුන් පවසන විදිහේ නරක කෙනෙක් නොවන බව දන්නේ විශ්මිය.
මේ චාරිකාවේදී අප කොතරම් සමීපව සුහදව හැසිරුණාද?
ඊට එහා ඔහුගේ සිත පෙළඹීමට හැක්කේ ගැහැනියකටය. තමා ඔහු ආරක්ෂා කළේ මවක මෙනි.
නිවෙස ඉදිරියේ නතර කළ රථයේ හඬ ඇය හඳුනා ගත්තාය. මේ එන්නේ තරංග නොවන බව නම් පැහැදිලිය. තාත්තාගෙන් අවසර ගත් ඈ දුවගොස් රථයේ අසුන් ගත්තාය. කළුතරට එනතෙක් ඔවු’නතර කතාවක් වුණේ නැත.
“සුගන්ධ මහත්තයා කතාකළාද?” විශ්මි නිහඬතාව බිඳිමින් ඇසුවාය.
“ඔව් කතා කරල කිව්වා ගිහින් බෝධීන් වහන්සේට වැඳලා පරිස්සමින් යන්ට කිව්වා.”
“වලව්වට ගිහින් එමු.” විශ්මිගේ කතාවෙන් රත්නපාල ඇය දෙස බැලුවේ පුදුමයෙනි.
ලබන සතියට