අපේ දේ ලොවටම පෙන්වන | Page 12 | සිළුමිණ

අපේ දේ ලොවටම පෙන්වන

හෙළ රන් දෑත අලුත්ම තාලයේ වැඩසටහනක්. අපෙන් වියැකී යන අපේම කලාවන් ලොවටම පෙන්වන නවමු වාර්තාගත චිත්‍රපට පෙළක්. මේ සංකල්පයේ නිර්මාතෘවරයා වන්නේ ෂර්ලිද සිල්වා යි.ඔහු පසුගියදා රසඳුනට ගොඩවැදී තමන්ගේ නව නිර්මාණය ගැන දැක්වු අදහසුයි මේ. 

හෙළ රන්දෑත නවමු අත්දැකීමක්?

ඔව්...මෙය මීට පෙර ෙප්‍ර්ක්ෂකයන් නොදුටු නවමු අත්දැකීමක්. අපේ රටෙන් ගිලිහී යන අපටම උරුම වු පාරම්පරික කලාවන් ගැන මේ වර්ණ චිත්‍රපට පෙළෙන් අපූරුවට පෙළ ගස්වා තිබෙනවා.

මෙහි අදහස ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න.

අපේ රටේ අතීත රජවරු අතවැසි ජනතාවට නින්දගම් ලබාදී තිබෙනවා පාරම්පරික කර්මාන්ත කරගෙන යෑමට. එම ප්‍රදේශවල වැසියන්ගේ එදා ප්‍රධාන ජීවනෝපාය වුයේ මේ කර්මාන්ත කරගෙන යෑමයි.එහෙත් අද සිටින අලුත් පරම්පරාවට මේ කර්මාන්ත ගැන අවබෝධයක් නැහැ.අපේ රටටම ආවේනික එම කර්මාන්ත රැක ගැනීම රටවැසියන්ගේ යුතුකමක්.

මෙවැනි නිර්මාණ පෙළක් කළේ ඇයි ?

මෙහි ප්‍රධාන අරමුණ සහ බලාපොරොත්තුව අතීතයේ සිට පැවතගෙන ආ කර්මාන්ත පිළිබඳව අලුත් පරපුරට දැනුම ලබාදීමයි. මොකද..මේ කර්මාන්ත ගැන නූතන පරම්පරාව දන්නෙම නැති තරම්. මේ වර්ණ චිත්‍රපට පෙළෙන් සෑම කර්මාන්තයක් ගැනම මුල සිටම දැනුම ලබා ගත හැකියි. නොදන්නා අයට මේවා නරඹා එම කර්මාන්තවල නියැළෙන්නට වුණත් හැකියාව ලැබෙනවා.

මෙහි රූගතකිරීම් සිදු වුයේ කොහොමද?

මෙහි රූගතකිරීම් සිදුකළේ ඒ ප්‍රදේශවලට ගිහින්. වටාපත්-අලව්ව, ස්වර්ණාභරණ-වලපනේ, සේසත්-මාතලේ, මුල් ඇඳුම්-නුවර, පිත්තල-කිරිවවුල, මැටි කර්මාන්තය-වලපනේ, පන්සල් චිත්‍ර-නුවර, වෙස් මුහුණු-නුවර, හන-ආලෝකගම, වේවැල්-බිබිල, බෙර-නුවර, ලාක්ෂා-මාතලේ යන ප්‍රදේශවලට ගොස් මේ චිත්‍රපට රූගතකිරීම් කළා.

මෙවැනි නිර්මාණ කිරීමට ඔබට සහය දෙන අනෙක් ශිල්පීන් ගැනත් සඳහන් කරමු.

මෙය එමාටෝ ක්‍රියෙෂන්ස් ඉදිරිපත් කිරීමක්. කැමරාකරණය චූලාභය සමර විජය, සංගීතය-සීනුක පෙරේරා, ඉදිරිපත් කිරීම අමාවි දනන්සූරිය, ඇතුළු විශාල පිරිසක් සහයෝගය ලබා දුන්නා.

මෙයට අමතරව ඔබ කළ වෙනත් නිර්මාණ ගැනත් දැනගන්න කැම­ැතියි?

පෝය නාට්‍ය, කෙටි චිත්‍රපට කර තිබෙනවා.

ඇයි මේ නව නිර්මාණ පෙළ රූපවා- හිනියෙන් හෝ නොපෙන්වන්නේ?

නාළිකා කිහිපයකින්ම මේ නව චිත්‍රපට පෙළ ඉල්ලුවත් තවමත් කිසිවකු ගත්තේ නැහැ. කුමන හෝ නාළිකාවකින් මේ නව අත්දැකීම ජනතාවට බලන්නට සලස්වනවාම් හොඳයි. ඉංග්‍රිසියට හඬකවා විදේශ නාළිකාවලට දීමේ බලාපෙරොත්තුවකුත් තිබෙනවා. තවමත් ඒ අදහස ඉටුවුයේ නැහැ.

ඉදිරියටත් මෙවැනි නිර්මාණ කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවාද?

සිනමාපටයක් කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා. එයට අමතරව ගල්වඩු කර්මාන්තය, සාරි කර්මාන්තය, සහ ඒ ඒ පළාත්වලට අනන්‍ය වු කර්මාන්ත ගැන පර්යේෂණාත්මකව හදාරා මෙවැනි වාර්තාගත චිත්‍රපට නිර්මාණය කිරීමේ අදහසක් තිබෙනවා.

Comments

Silva is always great...he has different psychological view.....Other than cinema.......

පිටු