
ආදරේ සංවේදනා ගීතයේ සම්පූර්ණ පදමාලාව.
ආදරේ සංවේදනා, මා ළයේ තැන්පත්වෙලා
වෙන්වුණේ ඔබ ඇයි කියා හේතුව සොයනවා
කෝ ඔබේ අංකේ පවා දැන් වෙනස් වී ඇති නිසා
මා එවූ පණිවුඩ පවා දන්නෙ නෑ ඔයා
ඔය හිතේ නැතුවදෝ පෙරභවේ ආදරේ
නැතිනම් මොකක්දෝ කාරණේ
ඉක්මන් තීරණයක් ගත්තේ
තේරුම් යයි කලකට පස්සේ
ඉස්සර පණිවුඩ දුරකතනේ
තාම බලනවා හැම තිස්සේ
කල්පනාවත් හිතපිරීලා
පරණ දේවල් මතක් වෙන්නේ
පුංචි දේටත් රණ්ඩුවීලා ආයේ මා හා හිනැහුණා
ගෙවාගන්න බැහැදැන් කාලේ
නිවාගන්න මේ දුක මාගේ
තාම ආදරේ නම් දැනෙනවා
ඔබෙන් තොර ලොවේ මා තැවෙනවා
ඉක්මන් තීරණයක්...
දුන්නු සෙනෙහේ අඩු ද මාගේ
නොසිතු මොහොතේ වෙනස් වූයේ
තනිවුණත් මා රැවටුණත් මා
පැරදුනේ නෑ වැරදුනා
හදාගන්න ඉදිරිය මාගේ
අරන් යන්න දැන් ඔය මතකේ
එන්නෙ නෑ කියලා තේරුණා
ඔබේ සතුට සැමදා පතනවා
ආදරේ සංවේදනා....
ශෂී සංගීතයට ඇලුම් කරන තරුණියකි. එහෙයින් ඇය වැඩිදුර සංගීතය ඉගෙන ගැනීම සඳහා සංගීත පංතියකට යයි. එතැන විරාජ් නමැති කඩවසම් යෞවනයෙකි. එමෙන් ම ඔහු ගායනයට ද හපනෙකි. කෙටි කලකින් ශෂී සහ විරාජ් සුපෙම්වතුන් බවට පත්වෙයි. විරාජ්ගේ රුවට සහ ඔහුගේ හඬට ඇලුම්කරන යුවතියන් කිහිපදෙනෙක් පංතියේ වෙති. ඔවුන් නිතර ම විරාජ් අසල දැවටෙන්නේ ඔහු තුළ ඇති ආකර්ෂණීය බව නිසාය. ශෂීට එය එතරම් දිරවන්නේ නැත. විරාජ්ගේ කටහඬ නිසා එම ආකර්ෂණය ඇතිවන වගට උපකල්පනය කරන ශෂී විරාජ්ට ගුරුකමක් කරයි. අවසනදී ඔහුට කතා කර ගැනීමට නොහැකි වෙයි. ක්‍රමයෙන් ශෂී ද විරාජ්ගෙන් ඈත්වෙයි. තනිවන විරාජ් තමන්ගේ ආගමික විශ්වාසයෙන් කටයුතු කරයි. එහිදී නොසිතූ අන්දමින් විරාජ්ට යළි තම හඬ ලැබෙයි. කෙටිකලකින් ඔහු මෙරට ගායන තරුවක් බවට පත්වෙයි. ඔහුගේ ගායනයන් අහම්බෙන් රූපවාහිනියෙන් දකින ශෂී ළතැවුලට පත්වෙයි.
නව පරපුරේ ජනප්‍රිය ගායක ජූඩ් රොගෑන්ස්ගේ ආදරේ සංවේදනා ගීයෙහි මියුසික් වීඩියෝව නිර්මාණය වී ඇත්තේ එකී කතාපුවත ඔස්සේය. එම ගීය මේ වන විට මෙරට යොවුන් සංගීත ලෝලීන්ගේ නොමඳ ආදරයට පාත්රවී තිබේ. ගයන සෑම ගීතයක් ම එකලෙසින් ජනප්‍රියත්වයට පත්වූ ගායකයන් අතර ජූඩ් පෙරමුණේ සිටියි. එමෙන්ම ඔහු සීදුව සකුරා සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා ලෙසින් ද කටයුතු කරයි. ජූඩ්ගේ ආදරේ සංවේදනා ගීතය ලසිත ජයනෙත්ති ආරච්චිගේ පද රචනයකි. සංගීත නිර්මාණය දිල්ෂාන් එල්. සිල්වාගෙනි. මියුසික් වීඩියෝව මියුසික් විලේජ් ආයතනයේ ඉදිරිපත් කිරීමකි. එහි අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළේ ගිහෙන් නිශාන්ය. වෙන්නප්පුව, මීගමුව අවට ප්‍රදේශයන්හි රූගත කළ මෙම මියුසික් වීඩියෝවහි රඟන ප්‍රධාන නළු නිළි යුවළ වන්නේ විරාජ් පෙරේරා සහ ශෂී ඇන්ජලීනා වේ. ඔවුනට අමතරව අතුරු චරිත රැසක් ද ඊට එකතු වී ඇත. මෙහි කට්ටඩියාගේ චරිතය රඟන තැනැත්තා ඇත්ත මන්තරයක් ඉගෙනගෙන ඇවිත් දර්ශනතලයේ සිටි සැවොම බය කළ බව වීඩියෝවේ අධ්යක්ෂවරයා අපට පැවසීය. වැඩිපුරම තැතිගෙන ඇත්තේ ශෂීය. කෙසේ වෙතත් දිනක් පුරා රූගත කළ මෙම මියුසික් වීඩියෝව තාරුණ්‍යයට පණිවුඩයක් ලබාදීම අරමුණින් නිර්මාණය කොට ඇති වග කිව යුතුය.