බැටර් ෆ්‍රයිඩ් නිවිති
පුංචි දරුවන් ඉන්න මවුවරුන්ට ඔවුන්ගේ පෝෂණය ගැන නිතරම සිතන්නට වෙනවා. විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන්ට පලාවර්ග ගුණදායක වුවත් ඔවුන් ඒවා ආහාරයට ගන්නට දක්වන්නේ මැලිකමක්. අද රසඳුන කෑම විශේෂංගයෙන් පුංචි දරුවන්ට ආසා හිතෙන ආකාරයට නිවිති කොළ බැද ගන්නා අන්දම ගෙන එනවා. ගෙවත්තෙතන් එවෙලේම නෙළාගෙන ඇවිත් ඉතාමත් පහසුවෙන් ඉක්මනින් බැදගත හැකි නිවිති කොළ පොඩිත්තන් රස කරකර කන්නට ආසා කරාවි.
මේ දේවල් අවශ්‍යයයි
මධ්‍යම ප්‍රමාණයේ නැවුම් නිවිති කොළ - 5-6 ක්
කෝන් පිටි මේස හැඳි - 1
මිරිස් කුඩු මේස හැඳි - 1
කහ කුඩුතේ හැඳි -1/4
කඩල පිටි කෝප්ප -1
බේකින් පවුඩර් තේ හැඳි -1
බැද ගැනීමට තෙල්
ලුණු
වතුර (අවශ්‍ය පමණ )
සාදාගන්නේ මෙහෙමයි-
මුලින්ම භාජනයකට කඩල පිටි, කෝන් පිටි සහ බේකින් පවුඩර් දමා හොඳින් කලවම් කර ගන්න. දැන් මෙයට පදම අනුව ලුණු සහ වතුර දමා අනමින් ඝනකම බැටරයක් සාදාගන්න. නිවිති කොළ හොඳින් සෝදා ගන්න. පසුව තරමක තාච්චියකට තෙල් දමා රත්වෙන්නට තබා හොඳින් රත්වූ පසු නිවිති කොළ බැටරයේ දවටා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න.
අයිස් ටී
නිවෙසට අමුත්තකු පැමිණි විට ආගන්තුක සත්කාරයක් ලෙස තේ කෝප්පයක් පිළිගන්වන එක අපේ සිරිතක්. එහෙත් අධික දාහයක් තිබෙන මේ දවස්වල බොහෝවිට පිළිගන්වන්නේ සීතල බීම වර්ගයක්. අද රසඳුන කෑම විශේෂාංගයෙන් ඔබට තේ කෝප්පයක් සීතලට පිළිගන්වන්නේ කොහොමද කියලා අපේ සූපවේදී සුජිත් ආරියරත්න කියලා දෙන්න සූදානම්.
මේ දේවල් අවශ්‍යයයි
වතුර ලීටර් 1
තේ කොළ කුඩු හැඳි කීපයක්
සීනි (රස අනුව)
දෙහි යුෂ මේස හැඳි - 1
දොඩම් යුෂ අඬු කෝප්ප -1/2
දෙහි පෙති කීපයක්
මින්චි කුඩා ඉති කීපයක්
සාදන්නේ මෙහෙමයි
වතුර හොඳින් උතුරවා ගෙන තේ කොළ දමා එදිනෙදා ඔබ සාමාන්‍යෙයන් තේ සාදාගන්නා ක්‍රමයට තේ සාදා ජෝගුවකට දමා එය නිවෙන්නට කලින් සීනි දමා හොඳින් දිය කරගන්න.දැන් එයට දෙහි යුෂ සහ දොඩම් යුෂ දමා නිවෙන්නට තබන්න. හොඳින් නිවුණු පසු ශීතකරණයේ තබා ශීත කරගන්න.
උස වීදුරුවකට දමා මින්චි කුඩා ඉත්තක් දමා වීදුරුවේ කට මත සිහින්ව කැපූ දෙහි පෙත්තක් රඳවා අමුත්තන් හට පිළිගන්වන්න. අවශ්‍යනම් අයිස් කැට දමන්නත් පුළුවන්.