අපෝ! ඕෂධිට තරහ යනවා | Page 2 | සිළුමිණ

අපෝ! ඕෂධිට තරහ යනවා

අපෝ! ඕෂධිට තරහ යනවා

 ජනප්‍රිය රංගන ශිල්පිනී මුතූ තරංගා

පුංචි තිරයේ පැහැබරම සිනහවේ අයිතිය ඇත්තේ ඇයටයි. ඇය දායකත්වය දී ඇති නිර්මාණ සංඛ්‍යාත්මකව පොඩි ගණනක් වුවත් දක්ෂතා රැසකි. සුන්දර චන්දරේ, අම්මාවරුනේ, මැදගෙදර, ආදරේ අහස තරම්, සුදු හංසි, රිදී තාරකා, ආදී ටෙලිනාට්‍ය හා සිනමාපටවලට රංගනයෙන් දායක වී ඇති මේ ශිල්පිනිය නිරූපණය, රංගනය, නර්ථනය, ගායනය, යන ක්ෂේත්‍ර ගණනාවකටම දස්කම් දක්වන්නීය. ඇය මුතූ තරංගාය.

කොහොමද මුතූ , මේ දවස්වල කාර්ය බහුලයි වගේ?

ඔව්..ඔව්. මේ දවස්වල හිරු mega star තමයි. වෙන නම් විශේෂ වැඩක් කෙරෙන්නේ නෑ.

කලා ක්ෂේත්‍රයේ කැමැතිම රංගන ශිල්පියා හා ශිල්පිනිය කවුද?

ස්වර්ණා මල්ලවආරච්චි සහ කමල් අද්දරආරච්චි යන ප්‍රවීණයන්ගේ රංගනයට කැමතියි. නිධානය, අභිරහස, හිරුට මුවාවෙන් වැනි චිත්‍රපට හා ටෙලිනාට්‍යවලට විශේෂ කැමැත්තක් තිබෙනවා.

ඔබ mega star රාවන්ස් කණ්ඩායමේ නිත්‍ය ගායිකාව වෙලා ?

ඔව්, අපේ කණ්ඩායමේ නිත්‍ය ගායිකාව මම.ගායකයා රොමේෂ් සුගතපාල.

මොකද හිතන්නේ හිරු mega star ගැන?

අපේ දක්ෂතා පෙන්විය හැකි හොඳ රියැලිටි වැඩසටහනක්. රංගනයට, ගායනයට,දක්ෂතා පෙන්වා තිබුණත් නර්ථනයටත් හැකියාවක් ඇති බව පේක්ෂකයන් දැනගත්තේ මේ වැඩසටහනෙන්.

ඔබගේ කණ්ඩායම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම..අපි හොඳ කණ්ඩායම් හැඟීමෙන් වැඩකරන්නේ. මේ වැඩසටහනට සහභාගීවීමෙන් හොඳ යහළු යෙහෙළියන් පිරිසක් හම්බවුණා.

ඕෂධී හේවාමද්දුම ඔබගේ කණ්ඩායමේ සාමාජිකාවක්ද?

ඔව් ..ඇයත් මමත් එකම කණ්ඩායමේ.

ඇය ඔබගේ මිතුරියක්ද?

ඔව්..අපි හොඳ මිතුරියන්,අපි දෙදෙනාම එකම කාලයේ ක්ෂේත්‍රයට ආපු අය.

ඇයගේ ඔබ දකින විශේෂතා තිබෙනවාද?

ඕෂධි හරිම හොඳයි.හැබැයි ටිකක් තරහ යනවා. යහළුවෙක් විදිහට ඉතාම හොඳයි. වැරැද්දක් දුටුවම තමයි එයාට තරහයන්නේ.

ඉදිරි වැඩ මොනවාද?

අලුත්ම තාලේ මියුසික් වීඩියෝ එකක් කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. රංගන වැඩනම් දැනට බාරගෙන නෑ.

 

මුතූ අභියෝගවලට බයයි

 ජනප්‍රිය රංගන ශිල්පිනී ඕෂධි හේවාමද්දුම

ඇය නිවේදනයෙන් තම ගමන ඇරැඹීය. නමුත් ඇය අද රංගනය, ගායනය, නර්ථනය, යන ක්ෂෙත්‍ර ගණනාවකම එකසේ දස්කම් දක්වන්නීය. කාව්‍යා, දිව්‍යා, රස්තියාදුකාරයා, අනුහස් විජිතය, අපේක්ෂා, කුවෙරවර, තිමිර ආදී ටෙලි නාට්‍ය, චිත්‍රපට රැසකටම රංගනයෙන් දායකවී ඇති මේ රුවැත්තිය ඕෂධී හේවාමද්දුමය.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

මේ දවස්වල හිරු නාළිකාවේ mega star වැඩසටහනට සහභාගි වී රාවන්ස් කණ්ඩායමෙන් තරග වදිනවා. ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටවල රූගත කිරීම් නම් සිදුවන්නේ නෑ.

ඔබ රංගන කේෂත්‍රයේ වඩාත්ම කැමැති නළුවා හා නිළිය කව්ද?

ගාමිණි ෆොන්සේකා හා අයිරාංගනී සේරසිංහ යන ප්‍රවීණයන්ට . ඒ දෙදෙනා රඟපාන ඕනෑම චිත්‍රපටයකට කැමතියි.

හිරු mega star රියැලිටි වැඩසටහනක්, ඇයි ඔබ එවැනි වැඩසටහනකට සහභාගී වුණේ?

ඇත්තටම..මේ වැඩසටහනට සහභාගිවීමෙන් මම හිතනවා ගොඩක්ම අපේ සැඟවුණු දස්කම් රැසක් පේක්ෂකයන් දැනගත්තා කියලා. මේ වැඩසටහනට සහභාගිවීමට පෙර මාගේ ගායන, නර්ථන හැකියාව ගැන මමවත් හරියට දැනසිටියේ නැහැ. ඒ දෙකටම මම දක්ෂයි කියා ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා.අපේ කණ්ඩායමේ නායක සුරාජ් මාපා ට සහ සංක ප්‍රසාද්ට ස්තූතිවන්ත වනවා.

මුතූ තරංගාත් ඔබගේ කණ්ඩායමේද?

ඔව්...ඇයත් මමත් රාවන්ස් කණ්ඩායමේ තරගකාරියන්.

මුතූ වඩාත්ම දක්ෂ කුමන අංශයටද?

ඇය ගායනයට ගොඩක් දක්ෂයි. නර්ථනය හා රංගනය දෙකටත් දස්කම් දක්වනවා.

මුතූ ඔබගේ හොඳ යෙහෙළියක් කියලයි ආරංචිය?

ඔව්..අප දෙදෙනාම කේෂත්‍රයට ආවේ එකම කාලයක. එදා ඉඳන්ම අපි හොඳ මිතුරියන්.

මිතුරියක් ලෙස ඇයගේ දකින විශේෂතා මොනවාද?

ඇය සුහදයි, හැබැයි..අභියෝග භාරගන්න බයයි. ඒ දුර්වලතාවය අඩුවුණානම් ඇය අද කේෂත්‍රයේ මීට වඩා ගොඩක් ඉහළට ගිය ශිල්පිනියක්.

ඉදිරියටත් mega star විතරමද?

නැහැ.. චිත්‍රපටයකට සූදානම්වනවා. මොකද මම වැඩි කැමැත්තක් දක්වන්නෙ සිනමාවට. එම චිත්‍රපටය පෙබරවාරි වනවිට පටන්ගනීවි.පුතාත් දැන් පෙර පාසල් යනවා. මවගෙන් හා සැමියාගෙන් උපරිම සහයෝගය ලැබෙනවා.

Comments