‘ස්ටාර් වෝස් සුරූපිනිය මව සමඟ අවසන් ගමනේ | සිළුමිණ

‘ස්ටාර් වෝස් සුරූපිනිය මව සමඟ අවසන් ගමනේ

‘ස්ටාර් වෝස්’ චිත්‍ර­පට මාලාව ශ්‍රී ලාංකේය සිනමා රසික පිරිස අත­රත් අති­ශ­යින් ජන­ප්‍රිය වූවකි.   මෙම චිත්‍ර­පට මාලාව ගැන සඳ­හන් කළ විට සිහි­යට නැ‍ඟෙන රුවැති නිළිය කැරි ෆිෂර් පසු­ගිය 27 දා මෙලො­වින් සද­හ­ටම සමු­ගත්තා. ලන්ඩන් නුවර සිට ලොස් ඇන්ජ­ලීස් නුවර දක්වා ගුවන් ගම­නක යෙදී සිටිද්දී මතු වූ හදිසි හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් ෆිෂර් අව­සන් හුස්ම හෙලූ බවයි වාර්තා වූයේ. කෙසේ වෙතත් ඇතැම් පුවත් වාර්තා සඳ­හන් කළේ හෘද­යා­බා­ධය මතු­වී­මෙන් පසුව ඇයට ලොස් ඇන්ජ­ලීස්හි රොනල්ඩ් රේගන් උක්ලා වෛද්‍ය මධ්‍ය­ස්ථා­නය වෙතට ඇතු­ළත් කළ බවයි. ඉන් පසුව ඇයට හුස්ම ගැනීම පහසු කිරීම සඳහා වෙන්ටි­ලේ­ට­ර­යක් සවි­කළ බවත් මඳ වේලා­ව­කින් ඇගේ හද ගැස්ම නතර වූ බවත් පැව­සෙ­නවා. නමුත් ගුවන් මගි­යකු පැව­සුවේ ෆිෂර් මිය­ගියේ ගුවන් යානය තුළ­දීම බවයි.  

    කැරී ෆ්‍රාන්සස් ෆිෂර් උපත ලැබුවේ 1956 ඔක්තෝ­බර් 21 දා කැරො­ලිනා හි බර්බෑන්ක් නග­ර­යේ­දීයි. ඇගේ මවු­පි­යන් වූයේ සිනමා නළු නිළි යුව­ළක්. පියා, එඩී ෆිසර්. මව, ඩෙබී රෙනෝල්ඩ්ස්. ෆිෂර්ට වයස අවු­රුදු 2ක්ව සිටිද්දී ඇගේ මව සහ පියා වෙන්වූවා. පියා දෙවැනි වරට විවාහ කර­ගත්තේ කොනී ස්ටීවන් නම්වූ ජන­ප්‍රිය නිළි­යයි. එම විවා­හ­යෙන් පසුව උපන් ජොඑලි සහ ට්‍රිෂියා, ෆිෂර්ගේ නැග­ණි­යන් වූවා. 1960 දී ෆිෂර්ගේ මව ඩෙබී, නැවත විවාහ වූයේ ව්‍යාපා­රි­ක­යකු වූ හැරී කාල් සම­ඟයි. නමුත් ඔවුන් දෙදෙනා 1973 දී වෙන් වූවා. ඒ වන විට ෆිෂර්ගේ වයස අවු­රුදු 17 යි. පාසල් වියේදී සම්භාව්‍ය සාහිත්‍ය කෘති කියැ­වී­ම­ටත්, කවි රචනා කිරී­ම­ටත් කැරී ෆිෂර් දැඩි ඇල්මක් දැක්වූවා.  

1973 දී ලන්ඩන්හි Central School of Speech and Drama නාට්‍ය පාස­ලට ඇතු­ළත් වී නාට්‍ය කලාව හැදැරූ කැරී ෆිෂර්ගේ මුල්ම සිනමා රංග­නය ඇතු­ළත් වූයේ 1975 දී තිර­ගත වූ ‘ෂැම්පූ’ නම් වූ හාස්‍යො­ත්පා­දක චිත්‍ර­ප­ට­ය­ටයි. සුප්‍ර­කට ‘ස්ටාර් වෝස්’ චිත්‍ර­පට මාලා­වට ඇය එක්වුණේ 1977 දීයි. එහිදී ඇයට මාක් හැමි­ල්ටන් සහ හැරි­සන් ෆෝඩ් සමඟ රඟ­පා­න්නට අව­ස්ථාව උදා­වුණා.  
කෙසේ වෙතත් ‘ස්ටාර් වෝස්’ චිත්‍ර­ප­ට­වල රඟ­පාද්දී ඇය සහ සංගී­ත­ඥ­යකු වන පෝල් සයි­මන් අතර පැවැති පෙම් සබ­ඳ­කම කෙළ­වර වූයේ දෙදෙ­නාගේ විවා­හ­යෙන්. ඒත්, 1983 අගෝස්තු මාස­යේදී ඇරැ­ඹුණු එම විවාහ ජීවි­තය පැව­තුණේ 1984 ජූලි මාසය දක්වා පම­ණයි. ෆිෂර්, මේ වස­රක කාලය තුළ සයි­මන් නිර්මා­ණය කළ ගීත­මය වීඩියෝ දර්ශ­න­වල රඟපා තිබෙ­නවා. සයි­ම­න්ගෙන් වෙන්වූ ෆිෂර් ඉන් පසුව සමීප වූයේ බ්‍රයන් ලෝඩ් වෙත­ටයි. ඔහුගේ ඇසු­රින් ෆිෂර් මවු පද­විය ලැබුවා. බ්‍රයන් - ෆිෂර් යුව­ළගේ දිය­ණිය, බිලී කැත­රින් ලෝඩ්. මේ වන විට 24 වැනි වියෙහි පසු­වන බිලී සිනමා නිළි­යක්. ෆිෂර් බොහෝ අව­ස්ථා­ව­ලදී පවසා ඇත්තේ බ්‍රයන් ලෝඩ් තමන්ගේ දෙවැනි සැමියා බවයි. එසේ වුවත් බ්‍රයන් ලෝඩ් සහ ෆිෂර් නීත්‍ය­නු­කූ­ලව විවාහ වී නැති බවයි පැව­සෙන්නේ. ෆිෂර්, තමන්ගේ තවත් සබ­ඳ­ක­මක් සිය චරි­තා­ප­දා­න­යෙහි සඳ­හන් කර තිබෙ­නවා. එහි ඇය ප්‍රකාශ කර ඇත්තේ ජන­ප්‍රිය නළු හැරි­සන් ෆෝඩ් සහ තමන් අතර පෙම් සබ­ඳ­ක­මක්, 1976 දී ‘ස්ටාර් වෝස්’ චිත්‍ර­ප­ටය රූගත කරද්දී පැව­තුණු බවයි.  
ෆිෂර් සහ රිප­බ්ලි­කන් පක්ෂයේ මාධ්‍ය උප­දේ­ශ­ක­ව­ර­යකු වූ ග්‍රෙගරි ස්ටීව­න්සන් අතර පැවැති සමීප සබ­ඳ­කම ලොවට රහ­සක් වුණේ නැහැ. ස්ටීව­න්සන් නිත­රම ෆිෂර්ගේ නිව­සට පැමිණ ඇයව හමුවී ඇති බව පැව­සෙ­නවා.  
පෙබ­ර­වාරි 26 දා ස්ටීවන්ස්, ෆිෂර්ගේ නිවෙස තුළදී මිය­ගිය බවයි හෙළි වුණේ. මර­ණ­යට හේතුව අධික ලෙස කොකේන් සහ ඔක්සි කොටින් නම්වූ මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම යැයි සඳ­හන් වුණා. මේ මර­ණ­යෙන් පසුව ඔහුගේ අව­තා­රය තම නිව­සෙහි සක්මන් කළැයි ෆිෂර් සම්මුඛ සාක­ච්ඡා­ව­කදී පවසා තිබෙ­නවා.  
ඉන් පසු අව­ස්ථා­ව­කදී බී. බී. සී. සහ ඒ. බී. සී. චැනල සමඟ පැවැති සම්මුඛ සාක­ච්ඡා­ව­ලදී ෆිෂර් තම ජීවි­තයේ තවත් රහ­සක් හෙළි කළා. ඇය එහිදී පැව­සුවේ තමන් මත්ද්‍රව්‍ය භාවි­ත­යට ඇබ්බැහි වී සිටින බවයි. මේ නිසා හට­ගත් මාන­සික තත්ත්ව­යන් වෙනු­වෙන් ඇය විවිධ ප්‍රති­කාර ලබා­ගත් බවත් පැව­සෙ­නවා.  කැරී ෆිෂර්, මේ දක්වා චිත්‍ර­පට 45කට පමණ සහ රූප­වා­හිනී වෘත්තාන්ත 47කට පමණ සිය රංගන දාය­ක­ත්වය ලබා දී තිබෙ­නවා. ඇය ග්‍රන්ථ කර්තෘ­ව­රි­යක්. නව­කතා 5ක් සහ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ 3ක් ද ඇය විසින් රචනා කරන ලද බව මෙහි සට­හන් කළ යුතුයි.  
කැරී ෆිෂර්ගේ අභා­ව­යෙන් දින­කට පසුව තවත් ශෝක­ජ­නක පුව­තක් වාර්තා වුණා. ඒ, ඇගේ මව වන ජන­ප්‍රිය නිළි ඩෙබී රෙනෝල්ඩ්ස්ගේ අභා­ව­යයි. ඇය මිය යන විට 84 වැනි වියෙහි පසු­වුණා. 1948 දී තිර­ගත වූ ‘ජූන් බ්‍රයිඩ්’ චිත්‍ර­ප­ට­යෙන් සිනමා රංග­න­යට පිවිස චිත්‍ර­පට සහ ටෙලි වෘත්තාන්ත රැසක රඟ­පා­මින් ‘ඇක­ඩමි’ ඇතුළු සිනමා සම්මාන රැසක්ම දිනා­ග­න්නට මේ ප්‍රවීණ රංගන ශිල්පි­නිය සමත් වුණා.  
දිය­ණිය, කැරී ෆිෂර්ගේ හදිසි අභා­ව­යෙන් බල­වත් සේ කම්ප­න­යට පත්වූ ඩෙබී රෙනෝල්ඩ්ස්, දෙසැ­ම්බර් 28 දා රෝහ­ල්ගත කෙරුණේ ඇයට ඇතිවූ දරුණු අඝාත තත්ත්ව­යක් හේතු­වෙන්. එදින සවස මෙලො­වින් සමු­ග­න්නට පෙර ඇය පවසා ඇත්තේ මෙන්න මේ වද­නයි.... “මට කැරී ළඟට යන්න ඕනෑ!”   

Comments