ගිනිකොන දිග ඔස්ට්‍රේලියාව වෙළාගත් ළැව්ගින්න මඳක් සමනය වෙමින් දැන් වැසි ඇදහැලීමට පටන්ගෙන තිබේ. එහෙත්, සති අන්තය වෙද්දී උෂ්ණ සහ සුළං මුසු කාලගුණයක් ඇති වීමට ඉඩ ඇතැයි බලධාරීහු පසුගිය සඳුදා යළි අනතුරු ඇඟවීම් කළහ. ළැව්ගිනි රකුසා වනාන්තර ගිනිතබමින් ගම් නගර කරා කඩා වදිද්දී දෙපා සතුන් පණ බේරාගෙන දුව ගියත් වනාන්තරය නිජබිම කරගෙන ජීවත්වූ සතුන් ගිනි රකුසාට බිලි වන අන්දම දුටු කවුරුත්...