කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පොල්ගහවෙල පොරමඬල ග්‍රාමයේ උපත ලද භාෂිත් රණවීර මූර්ති ශිල්පය සහජයෙන් උරුම කොට ගත් අයකු ය. හේ කුලරත්න රණවීර හා නයනා රත්නපාල යන අයගේ එකම දරුවා ය. පොරමඬල කනිටු පාසලෙන් ‘අ’ යනු ‘ආ’ යනු කියූ ඔහු ශිෂ්‍යත්ව විභාගය සමත් ව නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු විය. උසස් පෙළ ලියන අවධියේදී ඥාති සොහොයුරකුගේ බාරයක් සඳහා ගණදෙවි මූර්තියක් නිමැවීමට...