ශ්‍රී ලංකාවේ දෙවැනි අභිමානනීය රාජධානිය වූ පොලොන්නරු ජය භූමිය ස්වකීය පෝෂක භූමිය කොටගෙන, ජීවිතයේ ත්‍රිවිධ අවස්ථා ගෙවාලූ ජනනායකයකු ගේ උදාර අපේක්ෂාවක් සපුරාලමින් පසුගිය දා එක්තරා මහාර්ඝ ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් විණි. එය "පොලොන්නරුව - නරපති යුගයෙන් ජනපති යුගය දක්වා” නම් වෙයි. මෙහි සංස්කාරක සටහනෙහි සඳහන් වන පරිදි, ඓතිහාසික පොලොන්නරුව අලළා මෙබඳු ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයක් ප්...