“පුද්ගලයකු වශයෙන් මනුෂ්‍යයා ඔහු උපන් සමාජයෙහි අවයවයකි. සමාජය ජාතියෙහි අවයවයකි; නොහොත් අංගයකි. ජාතිය ලෝකයෙහි අවයවයකි. ලෝකය විශ්වයේ අවයවයකි. නොහොත් විශ්වයේ ඇබිත්තකි. සමාජය ජාතිය, ලෝකය හා තමා ද අතර ඇති නෑ සබඳකම් පිළිබඳ තර්කානුකූල වැටහීමක් බුද්ධිමතකුට ලැබිය හැකිය. එහෙත් විශ්වය හා තමා අතර ඇති නෑ සබඳකම ගැන වැටහීමක් නූගතකුට පමණක් නොව, මහා බුද්ධිමතකුට වුව ද ලැබිය නොහැකිය. විශ්වය...