ගම්පොල බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ගුරුවරයකු ලෙස සේවය කළ වයස අවුරුදු 25ක් පමණ වූ තරුණයෙක් පුවත්පත් කලාවට පෙම් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගුරු වැටුපෙන් ලැබුණු සොච්චම් මුදලින් අඩක් වැය කොට “රුවන” නමින් සඟරාවක් 1949 වසරේ ප්‍රකාශයට පත් කළේය. මේ සඟරාව මඟින් කෙටිකතා, නවකතා, නොපළ ජන කතා, කවි, ශාස්ත්‍රීය නිබන්ධන මෙන් ම නව පබඳු තරග, පතළ පබඳු තරග, ප්‍රහේලිකා තරග ඇති කරමින් මුදලින්...