
චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා, ඇමරිකානු වාණිජ ලේකම් Gina Raimondo මහත්මිය හමුවෙයි. එම හමුව බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.
දෙරට නායකයන් ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවති හමුවේ දී එළඹුණු එකඟතා යළි ක්‍රියාකරන බවට ඇමරිකාව කර ඇති ප්‍රකාශ චීනය පිළිගන්නා බව චීන අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය. ආර්ථික හා වෙළඳ ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමෙන් දෙරට සබඳතාව හා අන්‍යොන්‍ය විශ්වාසයට බරපතල බලපෑම් සිදුවනවා පමණක් නොව, දෙරට ව්‍යවසායන් හා ජනතා ප්‍රතිලාභවලට ද හානි සිදු වේ. එසේම එය ගෝලීය ආර්ථිකයට ද විනාශකාරී බලපෑම් එල්ල කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.
චීනය විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර, ඇමරිකාව විශාලතම සංවර්ධිත රට යි. දෙපාර්ශ්වය අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතා ශක්තිමත් කරමින් ගැටීම් වළක්වා ගත යුතු ය. එමගින් ගෝලීය ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කළ හැකි බව ද ලී ච්‍යං මහතා අවධාරණය කළේය.
චීනයේ වර්ධනයට බාධා කරමින්, චීනය හුදෙකලා කිරීමට බයිඩන් රජය උත්සාහ නොකරන බව ඇමරිකානු වාණිජ ලේකම් Gina Raimondo මහත්මිය මෙහිදී කියාසිටියාය.
ඇමරිකාව චීනයේ ආර්ථික වර්ධනය හා ජන ජීවිතය ගොඩනැංවීම සඳහා සහාය වීමට සූදානමින් සිටී. චීනය සමග සංවාද පැවැත්වීම, ආර්ථික හා වෙළඳ සබඳතා ඇතුළුව දෙරට සහයෝගිතා නිසි ලෙස වර්ධනය කර ගැනීම ඇමරිකාවේ අපේක්ෂාවයි. එසේම, එමෙන්ම චීනය සමග කෘත්‍රිම බුද්ධිය, දේශගුණ විපර්යාසය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට ඇමරිකාව සූදානමින් සිටින බව ද වාණිජ ලේකම්වරිය ප්‍රකාශ කළාය.