
උප්පත්තිය ලබන්නේ පිරිමියෙකු හෝ ගැහැනියක වී නම් ඇය හෝ ඔහු හෝමෝන වෙනස්කම් දරාගත නොහැකිව පසුව සංක්‍රාන්තිය ලිංගික සමයකට එළැඹීම වරදක් නොවන බව දැන් සමාජය දැනුම්වත්. සමාජයෙන් කොන් වෙලා තාඩන පීඩනවලට ලක් වූ එවැනි බොහෝ දෙනෙකු ඉන් පන්නරය ලබා සමාජයේ කැපි පෙනෙන අය බවට අද වන විට පත්වෙලා ඉන්නවා. මේ කතා කරන්නෙත් එවැන්නියක් ගැනයි. ඇය රීනා සිල්වා. උපන්නේ පිරිමි දරුවෙකු හැටියට. නමුත් දැන් ඇය යුවතියක්. ඒ වෙන කවුරුත් නෙමෙයි “කොඩි ගහ යට“ නාට්‍යයේ ශානී. අපි අද ඔබට කියන්නේ ශානිගේ කතාවයි.
කොඩි ගහ යට නැවත ඉපදුණු රීනාට ශානි ගැන මොකද කියන්න තියෙන්නේ ..?
හැල හැප්පීම් බාධක මැද්දේ ජීවිතේ දිනන්න උත්සාහ කරන කෙනෙක් තමයි ශානී කියන්නේ. එයත් මම වගේම සංක්‍රාන්තික ලිංගික චරිතයක්. එයා සමාජයට ආදර්ශයක් වෙමින් ජීවත් වෙන්න උත්සාහ කරන ටිකක් මුරණ්ඩු කෙනෙක්. ශානිව මටත් දැනෙන කෙනෙක් කියලා තමයි කියන තියෙන්නේ.
මේ දවස්වල කොහොමද ප්‍රතිචාර ..?
මගේ මුල්ම රංගනය වුණත් සෝෂල් මීඩියා වලින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කමෙන්ට්ස් කියවන කොට තේරෙනවා හොඳ මයින්ඩ් සෙට් එකක් තියෙන රසිකයින් ඉන්නවා කියලා ඒ වගේ ආදරණීය ප්‍රතිචාර මට ලැබෙන එකට හරි සතුටුයි සහ රසිකයින්ට ස්තූති කරනවා. ඒ හැමෝම මට ශක්තියක් වෙනවට. මේ මගේ පටන් ගැන්ම.
ඔබත් සැත්කම් කිහිපයකට මුහුණ දීලා ලිංගික සංක්රාන්තිකයෙක් වූ කෙනෙක්. ඇයි ගැහැනු ශරීරයක් අවශ්‍යයි කියලා හිතුවේ..?
මම පිරිමියෙක් හැටියට ඉපදුණත් ඇතුළාන්තයෙන් ගැහැනියක් කියලයි මම හැමදාම හිතුවේ. මට මතක ඇති කාලෙක ඉඳලා ඒ කියන්නේ මොන්ටිසෝරි යන්නත් කලින් ඉඳලම මම හිතුවේ මම ගැහැනු ළමයෙක් කියලා. ගැහැනු ළමයි එක්ක බොරු කොණ්ඩ දාගෙන කෝම්පිට්ටු හැදුවා. සාරී ඇන්දා. මට හරි සුන්දර අතීතයක් තියෙනවා. මිනිස්සු ලොකු පට්ටම් දීලා මෙහෙම ඉන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා කියනවා. නමුත් ලෝකයක් එක්ක බලනකොට තමයි තේරුණේ හෝමෝන ඉන් බැලන්ස් එකක් නිසා ඇතිවෙන සාමාන්‍ය දෙයක් මේක කියලා. ඒ නිසා තමයි මම හිතුවේ ශල්‍යකර්ම කිහිපයක් කරලා මාව වෙනස් කරගන්න හිතුවේ. ඊට පස්සේ ඔෆිෂියල් මම ගැහැනු කෙනෙක් විදිහට ජීවත් වෙන්න පටන් ගත්තේ.
හිතන තරම් ලෙහෙසි නැති දෙයක් පිරිමියෙක් ගැහැනියක් වෙන හෝ ගැහැනියක් පිරිමියෙක් වෙන එක. ඇතැම් අයට හෝමෝන වෙනස්කම්වලදි, ශරීරය වෙනස් වෙද්දී සියදිවි නසා ගන්න තරම් වේදනාවක් එනවා කියනවා, ඇත්ත ද..?
මම ඔපරේෂන් කරද්දී මගේ අම්මා මගේ ළඟ හිටියා. මගේ නංගි මට උදව් කළා. ඒත් ඇති වෙන වේදනාව දරා ගන්න බැහැ. සමාජයෙන් ඇති වෙන තාඩන පීඩන නිසා මම ඩිප්‍රෂන් වුණා. නොකරපු වරදකට කතා අහද්දි හිතුණා ඉපදුණේ අපරාදේ කියලා. ඒ කාලේ මට හිතුණා මම ජීවත් වෙනවට වඩා හොඳයි මැරිලා යන එක කියලා. ඇත්තටම මානසිකවත් කායිකවත් මම වේදනාවට පත් වුණා ඒක පුදුමාකාර වේදනාවක්. තවමත් මම ඖෂධ ගන්නවා, ඒවා ජීවිත කාලයටම ගත යුතු ඖෂධ.
අවුරුදු 18දි ඔබට ඔබේ පියා ගෙදරින් යන්න කියලා ඔබව ප්‍රතික්ෂේප කළ කෙනෙක්. ඒ අතීතය ගැනත් කියමු..?
ඔව්. ඒ ප්‍රතික්ෂේප වීම තමයි මගේ මෝටිවේෂන් එක වුණේ. එදා මාව ගෙදරින් එළවපු එක ගැන මම අද සතුටු වෙනවා. ඒ ශක්තියෙන් මම පන්නරය අරන් නැවත මට ඕන විදිහට ජීවිතේ හදා ගන්න පුළුවන් වුණා. ඒ නිසා තමයි මට මගේ ගෝල් එකට යන්න පුළුවන් වුණේ.
ගැහැනු ශරීරයක් පතන බවට තෙරෙන්නේ ඔබට වයස කීයදීද..?
මට වයසක් කියන්න අමාරුයි. මට තේරෙන කාලේ ඉඳලම මම ඇවිදින්නේ. වාඩි වෙන්නේ. හැසිරෙන්නේ ගැහැනු ළමයෙක් විදිහට. මම ආශ්‍රය කරේ සෙල්ලම් කරේ ගැහැනු ළමයි එක්ක. පිරිමි ළමයෙක් සෙල්ලම් කරන්න ඕන සෙල්ලම් බඩු මම පාවිච්චි කළේ නැහැ. මගේ අතේ තිබ්බේ බෝනික්කෝ විතරයි. මගේ මේ වෙනස මගේ අම්මා දැනගෙන හිටියා මුල ඉඳලම. ඒ නිසා එයා මගේ ජීවිතේට හයියක් වුණා.
ඔබ රැකියාව විදිහට රූපලාවණ්‍ය සේවයේ යෙදිලා තියෙනවා. රැකියාව හා සංක්‍රාන්ති ලිංගික චරිතයක් වීම නිසා සමාජයෙ තාඩන පීඩන ලිංගික හිංසනවලට ලක් වූ කෙනෙක් ද..?
මම සැලෝන් ෆීල්ඩ් එකේ අවුරුදු දහයක් වැඩ කළා. ඊට පස්සේ මගේම සැලෝන් එකක් ඕපන් කළා. මම රමණි ප්‍රනාන්දු මහත්මිය යටතේ ඒ ගැන උසස් අධ්‍යාපන හදාරලා දැනුමත් ප්‍රායෝගික දැනුමත් ලබා ගත්තා. මේ රැකියාව නිසා හෝ මගේ ලිංගික විපර්යාසය නිසා මම ලිංගික හිංසනයට ලක් වෙලා නැහැ. මොකද ඒ කාලේ මම ජීවත් වුණේ ගල්කිස්සේ. ඒ පැත්ත ආරක්ෂිතයි. නමුත් නින්දා අපහාස තාඩන පීඩන වින්දා. ඒත් ඒවාට රියැක්ට් කරන්න ගියේ නැහැ. මම කර්මය අනූව ජීවත් වුණු කෙනෙක්. කොයිම වෙලාවකවත් උඩ බලාගෙන කෙළ ගහගන්නෙ නැහැ. මැදිහත් සිතින් විඳ දරා ගත්තා.
දැන් ප්‍රතික්ෂේප කළ අයගේ ප්‍රතිචාර කොහොමද ..?
ඉස්සර ප්‍රතික්ෂේප කරපු අය මම දැන් නිළියක් හැටියට දකින්න ලැබෙන නිසා “ආ මේ අපේ ශානි නංගිනේ“ කියනවා. නෑකම් කියනවා. නමුත් මම ඒ ප්‍රතිචාරත් සතුටින් භාර ගන්නවා. නමුත් මගේ තාත්තා තවම මාව දරුවෙක් හැටියට භාර අරගෙන නැහැ. ඒත් මම තමයි මගේ තාත්තව බලා ගන්නේ. මගේ පදිංචිය ගල්කිස්ස. මට ඉන්නේ අයියා නංගි විතරයි. අයියා ඉන්නේ එංගලන්තයේ. අයියා සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් නිසා මාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.
ඔබ රූප සුන්දරී තරග සඳහාත් සම්බන්ධ වෙලා තියෙනවා ..?
ඔව්... මම පැජන්ට්වලට සම්බන්ධ වෙලා ජය අරන් තියෙනවා. ඒ ඉතිහාසයේ පළමු වතාවට සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් තරුණියන් එක්ක තරග කරලා ජයග්‍රහණය කිරීම. 2019 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා බිටිෂ් ෆෝ එම්පයර් තරගයේ මිස් ක්ලියෝ පැට්රා කියන සම්මානයත් මිස් ෆොටෝ ජෙනික් කියන ටයිටල් එකත් මට ලැබුණේ. ඒ අවස්ථාව මගේ ජීවිතේ සංධිස්ථානයක් කියන්න පුළුවන්.
දිගටම රඟපාන්නද කල්පනාව..?
එහෙම තමයි හිතාගෙන ඉන්නේ. බලමු. සිනමා නිර්මාණයකත් මාව දකින්න පුළුවන් ඉදිරියේ දි.
පෙම්වතියක්ද, විවාහ ජීවිතයක් ගැන හීන දකිනවද..?
මම පෙම්වතියක් වෙලා තියෙනවා අවස්ථා කිහිපයකදී. නමුත් මම හිතන්නේ අපි ඉපදෙන්නේ මැරෙන්නේ තනියම නම් ඇයි බැඳීම් තනියම ජීවත් වෙන්න පුලුවන් කියලා. මම මට ආදරෙයි. මම හැමදාම උදේට කණ්ණාඩිය ළඟට ගිහිං දවස පටන් ගන්නේ I Love u Reena. U are the best, u are unstoppable කියලා. තනියම ඉන්න කොට මානසික හා ශාරීරික සුවය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා තනියම ඉන්න තමයි කල්පනා කරන්නේ.