
Zenith Insurance Brokers (Pvt) Ltd. ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් තිස්සේ ක්‍රියාත්මක රක්ෂණ තැරැව්කාර සමාගම්වලින් එකකි. හයිඩ්‍රාමනි සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Zenith, සිය මවු සමාගම විසින් සියවසකට අධික කාලයක් පුරා ප්‍රකට කළ වටිනාකම් එලෙසින්ම රැකගනිමින් ක්‍රියාත්මක වන්නේ සේවාවන්ගේ ගුණාත්මකභාවය තුළින් සිය ස්ථාවරත්වය සහ පිළිගැනීම ද නොඅඩුව ලබමිනි.
“අපේ සමාගමේ පදනම විශ්වාසය ගොඩනඟා ගැනීමයි. සෑම සේවාදායකයෙකු සමඟම අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවට හරියටම ගැළපෙන ආකාරයේ සේවාවක් ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ වගේම රක්ෂණ ක්ෂේත්‍රයේ අලුත්ම අංගෝපාංග හඳුන්වා දෙන්නේත් සේවාදායකයන්ට හොඳම විසඳුම් ලබා දීමටයි." Zenith Insurance Brokers (Pvt) Ltd. සහ හයිඩ්‍රාමනි සමූහයේ සභාපති විනෝද් හයිඩ්‍රාමනි පැවසීය.
Zenith යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රක්ෂණ තැරැව්කාර සමාගම් අතරින් නිෂ්පාදන, විනෝදාත්මක, තාක්ෂණ, බලශක්ති සහ ප්‍රවාහන යන ක්ෂේත්‍ර ඔස්සේ පරිපූර්ණ රක්ෂණ විසඳුම් ලබා දෙන්නට ඉදිරිපත් වූ මුල්ම සමාගම් අතරින් එකකි.
වසර 35ක් පුරා ක්ෂේත්‍රයේ තරගකාරීම මිල ගණන් ඉදිරිපත් කළ Zenith සමාගම, සේවාදායකයා මුල් තැනෙහි ලා සැලකීම ආරම්භයේ සිටම රැකගත් ගුණාංගයකි. සේවාදායකයාගේ අවශ්‍යතාව හඳුනාගෙන ඊට ගැළපෙන නිෂ්පාදන හෝ සේවාවන් ලබා දීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන අතර විස්තර විශ්ලේෂණය, හිමිකම් කළමනාකරණය සඳහා ද දායකත්වය ලබා දෙයි.