Coca-Cola සහ Uber Eats එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කරයි | Page 10 | සිළුමිණ

Coca-Cola සහ Uber Eats එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කරයි

Coca-Cola Beverages Sri Lanka Limited (CCBSL) සහ Uber Eats එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සඳහා ‘Ride for Recycling’ නමින් සුවිශේෂී වැඩසටහනක් අරඹා තිබේ . එහි දී කුරියර් හවුල්කරුවන්ට කොළඹ පිහිටි නිවෙස්වලින් සහ ආපණශාලාවලින් PET ප්ලාස්ටික් සෘජුවම එකතු කර ගැනීමට හැකි වේ. 2023 ලෝක පරිසර දිනයට සහ “ප්ලාස්ටික් දුෂණයට විසඳුම්” යන 2023 ලෝක පරිසර දින තේමාවට සමගාමීව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා වගකීම් සහගත අපද්‍රව්‍ය බැහැර කිරීමට ජනතාව උනන්දු කරවයි.

බස්නාහිර පළාතේ Uber Eats සේවා ජාලය මඟින් කොළඹ පිහිටි නිවෙස්වලින් සහ ආපණශාලාවලින් සෘජුවම PET බෝතල් එකතු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර, ඒ වෙනුවෙන් විශාල බෙදාහැරීමේ හවුල්කරුවන් (කුරියර් හවුල්කරුවන්) ජාලයක් යොදවයි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ඉතා වැදගත් වන ගෘහස්ථ-අපද්‍රව්‍ය වෙන් කිරීමට ජනතාව දිරිමත් කරයි. බෙදාහැරීමේ හවුල්කරුවන් එකතු කිරීමේ පද්ධතියට ඒකාබද්ධ කිරීම මඟින්, වගකීම් සහගත අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කරමින් ප්‍රතිචක්‍රීයකරණය සඳහා ඔවුන්ගේ PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙන් කිරීමට ක්‍රියාකාරීව සහභාගී වීම වෙනුවෙන් නිවැසියන් දිරිමත් කරනු ලැබේ. එමෙන්ම බෙදාහැරීමේ හවුල්කරුවකු විසින් ප්‍රතිචක්‍රීයකරණය සඳහා නිවෙස්වලින් සෘජුවම PET ප්ලාස්ටික් එකතු කරන පළමු අවස්ථාව මෙයයි.

මෙම මුලපිරීමේ කොටසක් ලෙස, CCBSL සහ Uber Eats විසින් ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ පරිසරය සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට ක්‍රියාකාරීව සහභාගී වීමට මහජනතාව සහ අවන්හල් හවුල්කරුවන් දිරිමත් කරමින් පාරිසරික වගකීම ප්‍රවර්ධනය කරනු ඇත. මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම නිවෙස්වල නිතර භාවිත කරන PET ප්ලාස්ටික් ද්‍රව්‍ය වන සිසිල් බීම බෝතල්, වතුර බෝතල්, යුෂ බහාලූම්, දෑත් සහ පිඟන් සෝදන දියර බෝතල් සහ ප්ලාස්ටික් හඳුනාගැනීමේ කේතය “1” ලෙස ලේබල් කර ඇති අනෙකුත් ප්ලාස්ටික් බෝතල් එකතු කරන ලෙසයි.

Comments