නෙස්ලේ සංවිධානය කළ‘මිහිතලයේ යහපැවැත්ම වෙනුවෙන් සිත්තමක මෙහෙවර’ | සිළුමිණ

නෙස්ලේ සංවිධානය කළ‘මිහිතලයේ යහපැවැත්ම වෙනුවෙන් සිත්තමක මෙහෙවර’

‘මිහිතලයේ යහපැවැත්ම වෙනුවෙන් සිත්තමක මෙහෙවර’ නමින් නෙස්ලේ ලංකා සමාගම සංවිධානය කළ සමස්ත ලංකා පාසල් පෝස්ටර් චිත්‍ර තරගය පසුගියදා සාර්ථකව අවසන් වූ අතර, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩවල ජයග්‍රාහකයින්ට සම්මාන පිරිනැමීම ද සිදුවිය. ලෝක පරිසර දිනය නිමිත්තෙන් මාස දෙකක් පුරාවට පැවැති මෙම තරගය, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ දායකත්වය හිමි පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනේ දෙවැනි අදියර ලෙස සංවිධානය කර තිබුණි. කලාප, පළාත් සහ සමස්ත ලංකා යන වට තුනක් යටතේ පැවැති තරගයට දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් 60, 000කට වැඩි නිර්මාණ ප්‍රමාණයක් ලැබී තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමට අපි දැඩි සේ කැප වී සිටිනවා. ඒ වෙනුවෙන්, අපගේ ප්ලාස්ටික් ඇසුරුම් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි හෝ නැවත භාවිත කළ හැකි අයුරින් නිර්මාණය කිරීමටත්, අපද්‍රව්‍ය වෙන් කිරීම සහ එකතු කිරීම ශක්තිමත් කිරීමටත්, අපි අඛණ්ඩ ක්‍රියාමාර්ග ගන්නවා. රටේ තිරසර සංවර්ධනය සහතික කරමින් අනාගත පරපුර තුළ යහපත් පුරුදු ඇති කරන පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන එම ගමනේ වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. එවන් පසුබිමක, මෙම චිත්‍ර තරගය සංවිධානය කිරීමට හැකිවීම ගැන අපි බොහෝ සේ සතුටට පත්වනවා. එය අනාගත කලාකරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා ප්‍රදර්ශනය කිරීමේ වේදිකාවක් වගේම, හරිත හා පිරිසිදු හෙටක් සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කමත් ශක්තිමත් කරනවා. මෙම තරගයට සහභාගී වූ සියලුම දෙනාට සහ ජයග්‍රාහකයින්ට මගේ හෘදයාංගම සුබ පැතුම් එක්කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා, යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන් පැවසීය.

Comments