මනා නිපුණතාවය තුළින් ගෝලීය ගුවන් සේවා වෘත්තිකයෙක් වීමට ඔබටත් අවස්ථාවක් | සිළුමිණ

මනා නිපුණතාවය තුළින් ගෝලීය ගුවන් සේවා වෘත්තිකයෙක් වීමට ඔබටත් අවස්ථාවක්

නව තාක්ෂණික දැනුම ඔස්සේ ඉදිරියට ගමන් කරන ලෝකයේ රැකියා වෙළඳපළ තුළ පවතින්නේ මහත් තරඟකාරී මුහුණුවරකි.අද වන විට රැකියා වෙළඳපොළ දැඩි තරඟකාරී මාවතකට ප්‍රවිශ්ට වී ඇත්තේ නව දැනුම ඔස්සේ මිනිසා නොනවතින ගමන් මාර්ගයකට ප්‍රවිශ්ට වී ඇති නිසාය.රැකියා වෙළඳපොළ තුළ අද වන විට ගුවන් ගමන් ආශ්‍රිත රැකියා වලට ඉහළ මට්ටමේ ඉල්ලුමක් පවතියි.විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් තරඟකාරී ලෙස ගුවන් ගමන් ක්ෂ්ත්‍රයේ රැකියා සඳහා මේ වන විට ඉහළ ආයෝජනයන් සිදු කරමින් පවතියි.මේ නිසා ගෝලීය වශයෙන් ගුවන් ගමන් ආශ්‍රිත රැකියා වල සීඝ්‍ර වර්ධනීය තත්ත්වයක් පෙන්නුම් කරයි.කෙසේ වෙතත් කොව්ඩ් සමයේ ගුවන් ගමන් ක්ෂ්ත්‍රයේ දැවැන්ත කඩා වැටීමකට මුහුණ දීමට ගෝලීය වශයෙන් ලෝකයේ සෑම රාජ්‍යයකට පාහේම සිදුවිය.ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් බාහිර ගුවන් ගමන් වලට දැඩි සීමා පැනවීම නිසා විශාල වශයෙන් ගුවන් ගමන් ආශ්‍රිත රැකියා ප්‍රමාණයක් තර්ජනයට ලක්විය.නමුත් ගෝලීය වසංගත තත්ත්වය ජයග්‍රාහී ලෙස පරාජය කිරීමත් සමඟ නැවතත් මෙම ගුවන් ගමන් ක්ෂ්ත්‍රයේ රැකියා පෙරට වඩා ආකාර්ෂණීය තත්ත්වයක් කරා ළඟා වී ඇත.මේ වන විට ගෝලීය වශයෙන් මෙම ක්ෂ්ත්‍රයේ රැකියා සඳහා ඉල්ලුම වැඩි වී ඇත්තේ ඒ සඳහා පුහුණුව ඇති පිරිස් සිටින්නේ අල්ප වශයෙන් නිසාය.

ගුවන් සේවා ආශ්‍රිත වෘත්තීන් ගුවන් සේවා කර්මාන්තය,එහි නීති පද්ධතිය ,ගුවන් තොටුපළ කළමණාකරණය ,ගුවන් තොටුපළ මුල්‍ය කටයුතු ,ගුවන් තොටුපළ මෙහෙයුම් සහ ගුවන් සේවා වල ආරක්ෂාව වැනි පුළුල් වපසරියක් පුරා විහිදෙයි.ගුවන් තොටුපළක් කළමණාකරණය කිරීම සරල කාර්යයක් නොවෙයි.ගුවන් තොටුපළ කළමණාකරණය මූලික වශයෙන් සිදුවන්නේ ගුවන් තොටුපළක දෛනික මෙහෙයුම් කටයුතු සමඟය. මේ සඳහා ප්‍රධාන වශයෙන් මනා විනයකින් යුක්තව දෝෂ රහිත වන ආකාරයෙන් සුමටව තම කාර්යයන්හි නිරත විය යුතුය.ඒ් අනුව ගුවන් සේවා කර්මාන්තයට ප්‍රවිශ්ට වීමට හා එහි ස්ථිර වෘත්තිකයෙක් වීමට අවශ්‍ය නම් අත්‍යවශ්‍යයෙන්ම මනා පුහුණුවක් දැනුමක් ඔබ සතු විය යුතුය.

ගුවන් සේවා සම්බන්ධ වඩා ආකාර්ෂණිය රැකියාවක සාඩම්බර හිමිකරුවෙක් වීමේ සිහිනය යථාර්තයක් බවට පත් කරමින් ඔබට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ දැනුම සහ වෘත්තිය නිපුණතාවය ලබා දීමට Aspire Aviation  College මහත් අභිමානයෙන් යුතුව ඉදිරිපත් වීි සිටියි.ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සහතිකයට යටත්ව තාරුණයේ ගුවන් සේවා වෘත්තිකයෙකු වීමේ සිහිනයට පාර කියන්නට සැදී පැහැදී සිටින Aspire Aviation  College 2009 දී මෙරට උසස් අධ්‍යාපන ක්ෂ්ත්‍රය හා එක් වෙයි.ජාත්‍යන්තර මට්ටමේ පළපුරුදු තාක්ෂණය හා එක්ව පළපුරුදු විශේෂඥ දැනුමෙන් සන්නද්ධ ආචාර්ය මණ්ඩලයක් තුළින් වඩා විශිෂ්ට වූ වෘත්තිකයෙකු බිහිකරන්නට අප ආයතනය මේ වන විට පාඨමාලා රාශියක් හදූන්වා දී ඇත.ගුවන් සේවා කළමණාකරණය සම්බන්ධන උසස් ජාතික පාඨමාලාව (Higher National Diploma ),BTEC මාලාව මේ අතරින් වඩා සුවිශේෂි වෙයි.මෙම ප්‍රධාන පාඨමාලා වලට අමතරව ගුවන් සේවා කළමණාකරණය සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලා ,ගුවන් භාණ්ඩ ගමන් මලු කළමණාකරණය (Cabin Crew Training ) ,ගුවන් තොටුපළ හා ගුවන් ගමන් කළමණාකරණය ( Airport and airline operations ) පාඨමාලා හඳුන්වා දී තිබෙයි.

මෙ වන විට ගුවන් ගමන් සේවයේ පවතින අවශ්‍ය තාක්ෂණික දැනුම සහිත සේවකයන්ගේ විශාල අඩුවක් පවතියි.වඩා ආකර්ෂණීය වැටුප් වලින් සමන්විත ඉහළ ගණයේ රැකියාවක සාඩම්බර හිමිකරුවෙකු වීමේ සිහිනය තවදුරටත් යථාර්ථයක් කරගන්නට ප්‍රමාද නොවන්න.ඔබේ ගුවන් සේවා වෘත්තියට අවශ්‍ය පරිපූර්ණ අධ්‍යාපනය වෙනුවෙන් අදම Aspire Aviation  College සමඟ අදම එකතුවන්න.මේ වන විට ලෝකය පුරා ගුවන් සේවා වෘත්තියන් තුළ ඉහළ තලයේ රැකියා කරමින් ජීවිත වඩා සැපවත් කරගන්නට Aspire Aviation  College උපාධිධාරීන්ට හැකි වී තිබෙයි.සාම්ප්‍රදායික රැකියා කලාවෙන් නව මාවතක් සොයා යන තරුණ ඔබේ අනාගතය සරු සාර කරගන්නට අදම ඔබේ පාඨමාලා සදහා ලියාපදිංචිමේ හැකියාව පවතියි.වැඩි විස්තර සඳහා www.aspirecollege.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

වැඩිදුර විමසීම් සඳහා අමතන්න  0773899899

ඔබේ සිහිනයේ වගකීම අප සතුය. Aspire Aviation  College සාඩම්බර ගුවන් සේවා වෘත්තියේ පෙරගමන් කරු

Comments