
- මම ආදරේ කළේ නළුවෙක්ට තියෙන සමාජ ආදරේට
- මම හොයන්නේ අවබෝධයෙන් ගැළපීම් හදාගන්න පුළුවන් කෙනෙක්ව
අභිෂේක් ප්‍රමුදිත’ කියන්නේ Mr. Global 2021 තරඟාවලියේ Best National Costume නැමැති අනු තේමාව ජයග්‍රහණය කළ හැඩකාර, කඩවසම් තරුණයෙක්. අභිෂේක් මේ දිනවල ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ ශිල්පියෙකු සහ නැගී එන ටෙලිනාට්‍ය සහ ගීත රූප රචනා නළුවෙකු ලෙස ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබනවා.
මුලින්ම අභිෂේක් ගැන විස්තර ටිකක් කිව්වොත්
මගේ ගම කුරුණෑගල' මගේ පවුලේ ඉන්නෙ මමයි අම්මයි මල්ලියි. මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ පොල්පිතිගම ජාතික පාසැලෙන්. පසුව නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළා.
පාසැල් කාලයේ කලාවට තිබුණ නැඹුරුව කොහොමද?
පාසැල් කාලයේ ටිකක් දඩබ්බර වගේම ක්‍රියාශීලි කෙනෙක්. කලාවටම විතරක් නැඹුරු වුණා කියන්න අමාරුයි. නමුත් පුළුවන් වෙලාවට සින්දුවක් කියන්න, ලස්සනට අඳින්න පලඳින්න, විලාසිතා කරන්න වගේ ගොඩක් දේවල්වල ආරම්භය පාසැල් කාලේ සිද්ධ වුණා කියන එක කියන්න පුළුවන්.
කවදා හෝ නළුවෙක් වෙන්නද සිහින මැව්වේ ...
නළුවෙක් වෙන්න ඕනේ කියන එක සිහිනයකට වඩා ඒක මට ලොකු ඉලක්කයක්. මොකද මම ආදරේ කළේ නළුවෙක්ට තියෙන සමාජ ආදරේට. ඒකට තිබ්බ ලොකුම උත්තේජනය ශාරුක් ඛාන්. අදටත් මට ඊට වඩා තරුවක් නැහැ. මම ඔහුට මිනිස්සු දක්වන ආදරය දැකලා විඳගත්ත කෙනෙක්. ඒ වගේ මිනිස්සුන්ගේ ආදරය මැද ජනප්‍රිය වෙන්න හිතුණා. දැන් මම රංගනයට හරි ආකාරව අවතීර්ණ වෙමින් ප්‍රසිද්ධ වෙමින් හිටියත්, තාමත් මගේ ඉලක්කය ජනප්‍රිය වීම.
කොහොමද රංගනයට අවස්ථාව උදාවෙන්නෙ
රඟපාන්න ආසාව හැදෙන වැඩෙන කාලේ මුලින්ම නිර්මාණයක් වෙනුවෙන් මට ආරාධනා කරන්නේ සංදේශ් බණ්ඩාර. ඔහුගේ ගීත රූප රචනා හරහා තමා මුලින්ම මාව සමාජගත වෙන්නෙ.
මුලින්ම රඟපෑ නාට්‍යය සහ චරිතය මොකක්ද?
මගේ මුල්ම ටෙලිනාට්‍ය වෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණ “හදවතේ කතාව“ නාට්‍යය. එහි දින්නා කියන චරිතය මම කළා. මම වගේම ගොඩක් දෙනෙක්ගේ මුල්ම ටෙලිනාට්‍ය වුණේ ඒක.
මේ වෙද්දි නාට්‍ය කීයක රඟපාලා තියෙනවද?
තවම මම මහ ගොඩක් ටෙලිනාට්‍ය කරලා නැහැ. නමුත් හිතේ සතුටින් කරපු චරිත එක්ක මට අත්දැකීම් රාශියක් දුන්න නිර්මාණ කිහිපයක් තියෙනවා. ඒ අතර මේ දිනවලත් විකාශය වන දෙරණ නාලිකාවේ ‘සැලෙන නුවන්‘, ස්වාධීන රූපවාහිනියේ ‘දිව්‍යාදරී‘ වගේම විකාශය නිමාවූ ස්වර්ණවාහිනියේ 'BIO2' කියන ටෙලිනාට්‍යවල එකිනෙකට වෙනස් චරිත මට රංගනය කරන්න ලැබුණා.
වැඩියෙන්ම ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතය මොකක්ද?
මම කරපු හැම චරිතයකට ම හොඳ ප්‍රතිචාරත්, මගේ හැඳෙන්න ඕන තැන් ගැන අවවාදත් නොඅඩුව මට ලැබුණා. විශේෂයෙන්ම දිව්‍යාදරී ටෙලිනාට්‍යයේ මාලක චරිතය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර එතැනදි විශේෂයි. ඒ ගැන ගොඩක් වෙලාවට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා මගේ පරම්පරාවෙන් පවා. ඒක මට සතුටක්.
කරන්න ආසාවෙන් ඉන්න චරිත මොනවාද
මම ගොඩක් ආසාවෙන් ඉන්නවා හොඳ පරාසයක් තියෙන චරිතයක් කරන්න. අඩු තැනක ඉඳලා උපරිමයක් වෙනකල් දිගහැරෙන හොඳ ප්‍රාණවත්කමක් තියෙන ප්‍රේමවන්තයෙක්, වීරයෙක් හෝ ප්‍රතිවීරයෙක් වුණත් ඒ චරිතයට මම කැමති වේවි. චරිතයේ හැඩයට වඩා මම බලාපොරොත්තු වෙන්නෙ එහි විකාශනය ගැනයි. දැනට මට අලුතින් නිර්මාණයකට කතා කරලා තියෙනවා. ඒ ගැන ඉදිරියේ කියන්න පුළුවන් වෙයි. මම බලාපොරොත්තු වෙන තරමේ ගැඹුරක් තියෙන චරිතයක් නිසා මම ඒක කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා.
තාරුණ්‍යයේ ඉන්න කඩවසම් කෙනෙක්, ආදරේ දකින්නෙ කොහොමද?
හුස්ම වැටෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා හුස්ම කවදහරි නවතිනකල් අපි ගත කරන කාලයටනේ ජීවිතය කියලා කියන්නේ. ඒ මුළු කාලයේම අපිව ජීවත් කරවන්නේ ආදරය. ඒ නිසා හැම දෙයකදි වගේම, ආදරේදී වුණත් ව්‍යාජ සහ අව්‍යාජ අවස්ථා වෙන වෙනම තෝරගන්න අපිට බුද්ධියත් හදවතත් කියන දෙකම අවශ්‍ය වෙනවා. මම ආදරේ දකින්න අපේ හෙවණැල්ලටත් වඩා සමීපව අපිත් එක්ක බද්ධ වෙලා තියෙන්න ඕන දෙයක් හැටියට.
ඔබේ ආදරවන්තිය කොයි වගේ කෙනෙක් වුණොත් ද හොඳ?මොනවගේ කෙනෙක්ද හොයන්නේ
මම හොයන්නේ අවබෝධයෙන් ගැළපීම් හදාගන්න පුළුවන් කෙනෙක්ව. එතැනින් එහා දෙයක් මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. අපි කවුරුත් එකිනෙකාට සියයට සියයක් ගැළපෙන්නෙ නැහැ. අපි අවබෝධයෙන් හැම දෙයක්ම ගළපගන්න ඕනේ. නොගැළපෙන තැන්වල ඉවසන්න ඕන. මම කලින් කිව්වා වගේ ඒකට බුද්ධියත් හදවතත් දෙකම ඕනේ. ඒ දෙකෙන් පොහොසත් කෙනෙක්ට මම කැමතියි.
රංගන ශිල්පියෙක් නොවුණා නම් කවුරු වෙන්න ඉඩ තිබුණා ද?
මගේ හීනේ තිබුණේ තැන් තුනක විසිරිලා. ඉන් ප්‍රධානම එක නළුවා. ඊළඟට ගායකයෙක් වෙන්න ආසාවක් තිබුණා. අදත් මම ඉඳ හිට ගීයක් ගයනවා. ඒ වගේම මම කැමැත්තෙන් හිටියා ව්‍යාපාරිකයෙක් වෙන්න. ඒකට හේතුව නම් මම හිතන්නේ මම කැමතියි හරි දේ වෙනුවෙන් හරි කාලෙදි මුදල් යොදවන්න.