
LOLC ෆිනෑන්ස් පීඑල්සී, Lanka Pay Technnovation Awards – 2023 සම්මාන ප්‍රදානයේදී මුල් පෙළ සම්මාන 5ක් ජයග්‍රහණය කළේය. එසේ දිනාගත් සම්මාන වන්නේ මූල්‍ය අන්තර්ගතකරණය සඳහා වූ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය සඳහා රන් සම්මානය, පාරිභෝගික පහසුව සැලසීමෙහිලා විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය සඳහා රන් සම්මානය, Just Pay ජාලය හරහා ගෙවීම් සිදු කිරීමෙහිලා වූ විශිෂ්ටතම ජංගම දුරකතන යෙදවුම- iPay- බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩය, ජනප්‍රියතම ඩිජිටල් ගෙවුම්කරණ නිපැයුම - බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩය සඳහා වූ කුසලතා සම්මානය - iPay සහ අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්කරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් වූ සමස්ත රන් සම්මානයයි. අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්කරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් වූ සමස්ත රන් සම්මානය ජයග්‍රහණය කරනු ලැබූයේ අඛණ්ඩ දෙවැනි වරටය.
LOLC ෆිනෑන්ස් පීඑල්සී සභාපති කොන්රඩ් ඩයස් පැවසුවේ “Lanka Pay Technnovation Awards - 2023 සම්මාන ප්‍රදානයේදී iPay ඩිජිටල් සේවාව අඛණ්ඩ දෙවැනි වරටත් අන්තර්බැංකු ඩිජිටල් ගෙවීම්කරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් වූ සමස්ත රන් සම්මානය ජයග්‍රහණය කිරීම සහ ප්‍රමුඛ සම්මාන 05ක් මෙවර ජයග්‍රහණය කිරීම ඉමහත් ආඩම්බරයක් බවය.