
මෙරට පැවැත්වෙන එකම ගෙවීම් තාක්ෂණික නවෝත්පාදන සම්මාන ප්‍රදානෝත්සවය වන Lanka Pay Technnovation බැංකුකරණ ආයතනවලට ලබා දෙන සමස්ත සම්මානය ඇතුළුව සම්මාන හතක් දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය.
බැංකුකරණ ආයතන සඳහා ලබා දෙන අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම් සඳහා වන සමස්ත විශිෂ්ටතා සම්මානය, පාරිභෝගික බැංකු ගෙවීම් සඳහා හොඳම බැංකුව, ලංකා QR තුළින් පාරිභෝගික බැංකු ගෙවීම් කටයුතු සඳහා භාවිත කරන හොඳම ජංගම දුරකතන අයදුම, වසරේ හොඳම නව්‍ය බැංකුව යන රන් සම්මාන හතර සහ හොඳම ඩිජිටල් ගෙවීම් උපාය මාර්ගය සඳහා වසරේ මූල්‍ය ආයතනය සහ වසරේ හොඳම ලංකාපේ කාඩ්පත් ක්‍රියාත්මක කරන්නා යන අංශ දෙක සඳහා රීදි සම්මාන ද තවත් කුසලතා සම්මානයක් ද මෙහිදී කොමර්ෂල් බැංකුවට හිමි විය.
ඡායාරූපයේ දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු ආරාධිතයන් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරුය.