
ශ්‍රී ලංකාවේ අලෙවි විශිෂ්ටයන් ඇගයීම වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රමුඛතම සම්මාන උලෙළ වන SLIM ජාතික අලෙවි සම්මාන උලෙළේදී AIA ඉන්ෂුවරන්ස් සමාගම ස්වර්ණ සම්මාන 4ක් සහ රජත සම්මාන 4ක් දිනා ගත්තේය.
2021/22 යන වසර සඳහා සිය විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් ඇගයීමට ලක්වූ AIA අලෙවි වෘත්තිකයන් අතර සමස්ත ක්ෂේත්‍රයන් අතරින් 2021 වසර සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අලෙවිකාරිනිය ලෙස සංජීවනී සෝමරත්න තේරී පත් වූ අතර 2021 වසරේ Front Liner කාණ්ඩයේ ස්වර්ණ සම්මානය දිනා ගැනීමට ද සංජීවනී සමත් විය. 2021 වසර සඳහා වන Territory Manager කාණ්ඩයේ ස්වර්ණ සම්මානයෙන් විනොල් ප්‍රියසෙනරත් පිදුම් ලැබූ අතර 2022 වසර සඳහා Territory Manager කාණ්ඩයේ ස්වර්ණ සම්මානය නවීන්ද්‍ර නාරංගොඩට හිමි විය. තක්ෂිලා කෝරළගේ සහ ක්‍රිෂාන් දසනායක 2021 වසර සඳහා Sales Supervisor කාණ්ඩය වෙනුවෙන් රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ අතර, Front Liner කාණ්ඩයේ 2021 වසර සඳහා ප්‍රියදර්ශනී බණ්ඩාරනායක සහ Front Liner කාණ්ඩයේ 2022 වසර සඳහා රොශිකා සොයිසා ද රජත සම්මානයෙන් පිදුම් ලැබූහ.