ජාතික රියදුරු සංගමයෙන් අනතුරු ගැන දැනුම් දීමක් | සිළුමිණ

ජාතික රියදුරු සංගමයෙන් අනතුරු ගැන දැනුම් දීමක්

භාවිතයට ගත නොහැකි ලෙස ගෙවී ගිය ටයර්වල කට්ට කපා නැවත භාවිතයට ගැනීම රිය අනතුරු සිදු වීමට ප්‍රධාන හේතුවක් වන බව ජාතික රියදුරු සංගමය පවසයි.

ඕනෑම රථයක් ආරක්ෂාකාරී ලෙස ධාවනයට ප්‍රමිතියෙන් ඉහළ ටයර් ඉතා වැදගත් වන අතර, රථයක් ධාවනය කිරීමේදී ලිස්සා යෑම වළක්වා ගැනීමට සහ රථය පොළොවට තදින් බදා අල්ලා ගැනීමට ටයර්වල කට්ට රටා ඉතා වැදගත් වෙයි. වර්තමානයේදීි භාවිතයට නුසුදුසු ගෙවී ගිය ටයර් නැවත කට්ට කපා භාවිතයට ගැනීමට පාරිභෝගිකයන් පොලොඹවන ව්‍යාපාරිකයන් පිරිසක් මතු වෙමින් පවතින අතර, ඔවුන්ගේ එම ක්‍රියා කලාපය ඔස්සේ ජීවිත රැසක් අවදානමට ලක් වේ.

අනතුරුවලට තුඩු දෙන භාවිතයෙන් ඉවත් කළ යුතු අවස්ථාව පසුකර තිබෙන ගෙවී ගිය ටයර් දිගින් දිගටම භාවිත කිරීමෙන් වළකින ලෙස ජාතික රියදුරු සංගමයේ ලේකම් ගායාන් දර්ශන පෙරේරා රිැදුරන්ගෙන් ඉල්ලා සිටී.

 

Comments