
ඉන්දියාවේ දිල්ලි නුවර ජාතික නූතන කලා ගැලරියෙහි බාවාගේ නිර්මාණ කලාව ඇසුරෙන් පැවත්වෙන ගෘහ නිර්මාණ හා ඡායාරූපමය ප්‍රදර්ශනයේ වැදගත් ස්ථානයක් මෙරට ප්‍රමුඛතම සංචාරක හෝටල් සමූහයක් වන එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් හෙරිටන්ස් කණ්ඩලම හෝටලයට හිමි වී ඇත. ‘Geoffrey Bawa: It’s Essential to Be There’ යන තේමාව යටතේ වසර 75ක ඉන්දු ශ්‍රී ලංකා අන්තර් සබඳතා සංවත්සරය වෙනුවෙන් මෙම ප්‍රදර්ශනය ලබන මැයි 7 දක්වා පැවැත් වේ.
ප්‍රදර්ශනය සඳහා එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහය ප්‍රධාන අනුග්‍රාහකයකු වශයෙන් සහාය දක්වන අතර, එයිට්කන් ස්පෙන්ස් සමූහය විසින් අප්‍රේල් 07 වැනිදා සංවිධානය කළ විශේෂ ඉසව්ව පැවැත්වූයේ ප්‍රවීණ ඉන්දීය ඡායාරූප ශිල්පියකු වන දයානිටා සින්ග් සහ ශ්‍රී ලාංකීය ගෘහනිර්මාණ ශිල්පියකු සහ ජෙෆ්රි බාවාගේ ශිෂ්‍යයකු වන චන්න දාස්වත්ත අතර සංවාදයක් ඇසුරෙනි. චන්න දාස්වත් හෙරිටන්ස් කණ්ඩලම හෝටලය නිර්මාණය කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටු කර ඇති අතර, ලෝකයේ පළමු LEED සහ Green Globe සහතිකකරණය ලත් ආසියාවේ පළමු හෝටලය වන්නේ හෙරිටන්ස් කණ්ඩලම හෝටලයයි. ප්‍රදර්ශනය පිළිබඳව වැඩිදුර විස්තර www.bawaexhibition.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.