SLT-MOBITEL සමඟ AIMG විශිෂ්ටතා ගිවිසුමක් | Page 2 | සිළුමිණ

SLT-MOBITEL සමඟ AIMG විශිෂ්ටතා ගිවිසුමක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය වෙළඳපොළ තවදුරටත් පුළුල් කරගනිමින් වෘත්තීය විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර අලෙවිකරණ උපාධිධාරීන්ගේ සංගමය (International Marketing Graduates in Sri Lanka - AIMGSL) සමඟ විශේෂ ආයතනික ගිවිසුමකට අත්සන් තැබීය.

අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පාර්ශ්ව ද්විත්වයක හවුල්කාරීත්වයක් වන මෙම ගිවිසුම, සන්නාම අනන්‍යතාවන් තවදුරටත් ශක්තිමත් කරමින් දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ රැසක් උදා කිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඡායාරූපයේ දැක්වෙන්නේ AIMG මෙහෙයුම් ප්‍රධානී සංජේ හෙට්ටිආරච්චි, එහි ලේකම් කාංචන කරුණාගම, සභාපති සුජිත් සිල්වා, SLT සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක සහ එහි නියෝජ්‍ය ප්‍රධාන අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල ගිවිසුම හුවමාරු කරගත් අයුරුය.

Comments