ස්වදේශී කොහොඹ වෙතින් අලව්ව රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් | සිළුමිණ

ස්වදේශී කොහොඹ වෙතින් අලව්ව රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කඳානේ, ස්වදේශී කර්මාන්තායතනය විසින් අලව්ව ප්‍රාදේශීය රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදු කෙරිණ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය දිරි ගැන්වීමේ අරමුණින් 'ස්වදේශී කොහොඹ ප්‍රජා සත්කාරය' යන තේමාව යටතේ දියත් කළ මෙම පරිත්‍යාග වැඩසටහන, ස්වදේශී විසින් සිදු කරන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනකි. මෙහිදී අදහස් දක්වමින් ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනිය, අමරි විජයවර්ධන පැවසුවේ දේශීය සමාගමක් ලෙස, ජනතාවට වඩාත් යහපත් සෞඛ්‍යාරක්ෂාවකට ප්‍රවේශය ලබා දීම සිය ආයතනික වගකීමක් ලෙස සලකන බවයි.

Comments