ඩයලොග් ආසිආටා ඊ- ස්වාභිමානී ඇගැයීමට | සිළුමිණ

ඩයලොග් ආසිආටා ඊ- ස්වාභිමානී ඇගැයීමට

මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ‘ඊ-ස්වාභිමානී 2021’ සම්මාන ප්‍රදානෝත්සවයේදී ඉහළම ඇගැයීමට ලක් විය. ඩයලොග් සමාගම විසින් විවිධ ප්‍රජාවන් උදෙසා සිදු කළ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කළ සයුරු, යෙහෙළි, සරු, යනාදී සේවාවන් වෙනුවෙන් කළ ආයෝජනයන් සහ ඒ හරහා විවිධ ප්‍රජාවන් සවිබලගැන්වීම සහ පාරිසරික තිරසර භාවය වෙනුවෙන් සිදු කළ දායකත්වය වෙනුවෙන් මේ සුවිශේෂී ඇග­ැයීම හිමි විය.

ඊ-ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවය පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) මඟිනි.

Comments