අභිමානී කාන්තා ඉතුරුම් ගිණුම් හිමියන්ට කාගිල්ස් බැංකුවෙන් සුවිශේෂී දීමනා | සිළුමිණ

අභිමානී කාන්තා ඉතුරුම් ගිණුම් හිමියන්ට කාගිල්ස් බැංකුවෙන් සුවිශේෂී දීමනා

කාන්තාවන් සඳහාම වෙන්වූ කාගිල්ස් බැංකුවේ අභිමානී කාන්තා ඉතුරුම් ගිණුම තුළින් මූල්‍ය සහ ඉතුරුම් වර්ධනය කිරීමට අවස්ථා ලබා දීම මඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත.

සීමිත කාලයක් සඳහා ලබා දෙන මෙම විශේෂ දීමනාව වලංගු වන අතර, අලුතින් අරඹන සහ දැනට පවත්වාගෙන යනු ලබන අභිමානී ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා මාර්තු මාසය ඇතුළත සිදු කරන සෑම තැන්පතුවකටම සහ මාසය තුළ රුපියල් 5,000 ක සාමාන්‍ය ශේෂයක් පවත්වාගෙන යන්නන්ට ආකර්ෂණීය ප්‍රසාද පොලී දීමනාවක් හිමිවේ.

මීට අමතරව අභිමානී ඉතුරුම් ගිණුම් හිමියන්ට පහසු කෙටි පණිවුඩ සේවාවන්, ජංගම දුරකතන බැංකු සේවා සහ අන්තර්ජාල බැංකු පහසුකම්, ලියාපදිංචිය සඳහා වන පළමු වසර සඳහා වාර්ෂික ගාස්තුවලින් නිදහස් කිරීම සඳහා ද අවස්ථාව සලසා ඇත. අභිමානී ගිණුම් හිමියන්ගේ දරුවන් සඳහා රුපියල් 1,000/-ක මූලික තැන්පතුවක් ද සමඟ නොමිලයේ 'පොඩිහිටියෝ' ළමා ඉතුරුම් ගිණුමක් ද ලැබෙනු ඇත. ඩෙබිට් කාඩ් පත් හිමියන්ට උත්සව සමය තුළ සහ ඉන් බාහිරව ප්‍රතිලාභ රැසක් ද හිමි වේ.

Comments