ඩයලොග් ආසිආටා සමාගම ‘ACCA Sustainability Reporting Awards 2022’ සම්මාන දිනයි | සිළුමිණ

ඩයලොග් ආසිආටා සමාගම ‘ACCA Sustainability Reporting Awards 2022’ සම්මාන දිනයි

ඉකුත් දා පැවති ACCA Sustainability Reporting Awards 2022 සම්මාන උලෙළේදී ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සමස්ත ජයග්‍රාහකයා සහ සහ පොදු සේවා කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස සම්මානයට පාත්‍ර විය. තොරතුරු වාර්තා කිරීමේ තිරසර භාවය සහ විනිවිද භාවය වෙනුවෙන් ප්‍රකට කළ අතිවිශිෂ්ට කැපවීම වෙනුවෙන් සමාගමට මෙම ඇගයීම හිමි විය. ඩයලොග් සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ පැවසුවේ, තිරසර භාවය සිය ව්‍යාපාර ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානය බවත් තොරතුරු වාර්තාකරණයේ ප්‍රමිතිය ඉහළ නැංවීම වෙනුවෙන් සමාගම නිරන්තරයෙන් කැපවෙන බවත්ය.

2004 වසරේ සිට වාර්ෂිකව පවත්වනු ලබන ACCA Sustainability Awards සම්මාන ප්‍රදානෝත්සවයේ අරමුණ වන්නේ තිරසර වාර්තාකරණයේ විශිෂ්ටත්වය පෙන්නුම් කළ ආයතන ඇගයීමට ලක් කිරීමයි.

Comments