ශ්‍රී ලංකාවේ දැවැන්තම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක් වන A Baur & Co (පුද්ගලික) සමාගම හෙවත් බවර් සමාගම, තම පාරිභෝගික ව්‍යාපාර අංශය පුළුල් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, තම නියෝජිතායතන ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමටත්, නිෂ්පාදන කළඹ ප්‍රසාරණය කිරීමටත්, දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය කළ හැකි විශිෂ්ට බෙදාහැරීම් ජාලයක් නිර්මාණය කිරීමටත් බවර් සමාගම අවධානය යොමුකර ඇත.
මෙම සමස්ත පරිවර්තනය සඳහා නායකත්වය ලබා දෙන්නේ බවර් සමාගමේ පාරිභෝගික ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, ඩැනියෙල් හෙස් ය.