අයිඩියල් මෝටර්ස් නිපදවූ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට | Page 2 | සිළුමිණ

අයිඩියල් මෝටර්ස් නිපදවූ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බලකායේ ගොඩබිම හා මුහුද ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සඳහා රළු මාර්ගවල භාවිත කිරීමේ හැකියාව සහිත යුද කටයුතු සඳහා භාවිතා කළ හැකි 'කොම්බැට් ඕල්ටරේන් වෙහිකල්' (Combat All Terain Vehicle) රථ පෙළක් දේශීය තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදීම සිදුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදන සහ එකලස් කරන සමාගමක් වන අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර (Mahindra and Mahindra) සමාගමේ තාක්ණිෂක දායකත්වයෙන් මෙම ATV රථ දේශීයව නිෂ්පාදනය කර ඇති අතර, මේ සඳහා එන්ජිම, ගියර් පද්ධතිය සහ චැසි පද්ධතිය ඉන්දියාවේ මහින්ද්‍ර සමාගම මඟින් ලබා ගෙන ඇත.

 

Comments