Samsung වෙතින් Galaxy S23 සහ S23 Ultra | Page 2 | සිළුමිණ

Samsung වෙතින් Galaxy S23 සහ S23 Ultra

ස්මාර්ට් ජංගම දුරකතන ඉතිහාසයේ නවමු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Samsung Electronics ලංකා සමාගම විසින් කොළඹ මැරියට් හෝටලයේදී ඉකුත් දා නවතම Galaxy S23 Ultra සහ Galaxy S23 ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩය එළි දක්වනු ලැබිණි. Samsung Galaxy සතු epic කැමරාව තුළින් පරිවර්තනීය AI තාක්ෂණය සමඟින් සැබෑ සිනමාත්මක Nightography වීඩියෝ ලබා ගැනීමේ අවස්ථාවත්, පෙරළිකාර AI තාක්ෂණය, අතිප්‍රබල gaming තාක්ෂණය ඇතුළු Galaxy සඳහාම හඳුන්වා දී ඇති 8 Gen ජංගම දුරකතන වේදිකාව වන Snapdragon® වැනි අත්දැකීම් රැසක් මේ තුළින් අත්විඳිය හැකිය. Samsung ලංකා හි නිෂ්පාදන කළමනාකරණ ප්‍රධාන කළමනාකාර තුෂාර රත්නවීර පැවසුවේ අතිනවීන නිමාවකින් යුත් Galaxy S23 නිෂ්පාදන තුළින් නවෝත්පාදනයේ ඉහළ සුවපහසු අත්දැකීමක් පරිශීලකයා වෙත ලබා දෙන බවයි.

Comments