AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ නව ප්‍රධාන අලෙවි නිලධාරී ලෙස සසිත් බඹරදෙණිය පත්වී ඇත. වසර 15ක අලෙවිකරණ, සන්නිවේදන, ක්‍රමෝපායික සැලසුම් සහ මෙහෙයුම් නායකත්වයකින් හෙබි සසිත් බඹරදෙණිය, දේශීය රක්ෂණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙන්ම සම්මානලාභී නව්‍ය ප්‍රයත්නයන් ගණනාවක් සඳහා පෙරමුණ ගෙන ක්‍රියාත්මක වී ඇති අත්දැකීම් සපිරි අලෙවිකරණ නායකයෙකි.
AIA ශ්‍රී ලංකා හි කළමනාකරණ පුහුණු ලාභියකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා ඇති සසිත් බඹරදෙණිය, විවිධ ක්ෂේත්‍ර ගණනාවක සේවය කර අත්දැකීම් රාශියක් ලබා ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාද් උපාධිධාරියකු වන ඔහු, ඔස්ට්‍රේලියාවේ නිව්කාසල් විශ්වවිද්‍යාලයෙන් අලෙවිකරණය සහ කළමනාකරණය පිළිබඳ ප්‍රධාන වූ ව්‍යාපාර පිළිබඳ උපාධියක් ද ලබා ඇත.