කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් අතර පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය 93 වැනි වරට ලබන මාර්තු 4, 5 දෙදින කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිත අතර, එම තරගය Dialog Television නාලිකා අංක 140, The Papare.com සහ Dialog ViU app ඔස්සේ සජීවීව විකාශය වේ. සුලෝහිත සංග්‍රාම දෙදින තරග ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ දිනාගෙන සිටින ආනන්ද විද්‍යාලය තරග 12ක් ජයග්‍රහණය කර ඇති අතර, නාලන්ද විද්‍යාලයට තරග 7ක ජයග්‍රහණ හිමිය. දිවංගත පී.ඩී.එස් කුලරත්න පලිහ වෙනුවෙන් 46 වැනි වරටත් දෙවිදුහල් අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගය ද ලබන මාර්තු 12 වැනිදා එස්.එස්.සී. පිටියේදී පැවැත් වීමට නියමිතය.
ඡායාරූපයේ වමේ සිට දකුණට, ආනන්ද විද්‍යාලයේ කණ්ඩායම් නායක නෙත්ම සමරවීර, ආනන්ද විද්‍යාලයීය ‘සුලෝහිත සංග්‍රාමය’ ඒකාබද්ධ කමිටුවේ සභාපති බිමල් විජයසිංහ, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන නිලධාරී(වැඩසටහන් කළමනාකරණ හා විදුලි සංදේශ යටිතල පහසුකම්) උපාලි ගජනායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අවදානම් සහ අනුකූලතා අංශයේ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන, නාලන්ද විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා, නාලන්ද විදුහලේ ‘සුලෝහිත සංග්‍රාමය’ ඒකාබද්ධ කමිටුවේ සභාපති වරුණ රත්නවීර සහ නාලන්ද විදුහලේ කණ්ඩායම් නායක චනුල් අතුකෝරළ වේ.