
මිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් නිල් තල්මසුන් මිරිස්ස මුහුදු තීරය හැරයමින් පවතින බව මිරිස්ස තල්මසුන් නැරඹීමේ සහ සුරැකීමේ සංගමය පවසයි.
මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන් දැකීමේ සම්භාවිතාව සියයට අනූවකටත් වඩා වැඩි වුවද මෙවර සංචාරක සමය ආරම්භ වී මාස දෙකකටත් වඩා වැඩිකාලයක් ගතවී තිබුණද දෙස් විදෙස් සංචාරකයන්ට නිල් තල්මසෙකු දැකබලා ගැනීමට හැකිවි ඇත්තේ අවස්ථා දෙකක දී පමණක් බව ද එම සංගමය පෙන්වාදෙයි.
පෙර සංචාරක සමයන්හිදී නිල් තල්මසුන් දැක බලාගැනීමේ අවස්ථාව සංචාරකයන්ට උදා වු බවත් මේ . පිළිබඳ සොයාබැලීම සමුද්‍රජීවීයවිශේෂඥයින්ගේ වගකීමක් බව ද එම සංගමය පවසයි..