
කොමර්ෂල් බැංකුව විසින් ක්‍රියාත්මක කර ඇති STEM (විද්‍යා, තාක්‍ෂණ, ඉංජිනේරු සහ ගණිත) අධ්‍යාපනික වැඩසටහන් තවත් වැඩි දියුණු කිරීමට ජාතික විද්‍යා පදනම සමඟ හවුල්කාරීත්වයකට එළැඹිණි. ඩිජිටල්කරණය වූ අධ්‍යාපනික අන්තර්ගතයක් ලබා දීම සඳහා දිවයින පුරා STEM ‘ස්මාර්ට්’ පන්ති කාමර 100ක් පිහිටුවීමට බැංකුව සහාය ලබා දීමෙන් වසරකට පසුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් මෙම පියවර ගෙන ඇත.
කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී නන්දික බුද්ධිපාල සහ ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ විසින් ඉකුත් දා මේ පිළිබඳ ගිවිසුම් හුවමාරු කරගත් අතර, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න සහ කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී තිරසාර, කාන්තා බැංකු කටයුතු සහ සමාජ සත්කාර භාරය, කමලිනී එල්ලාවල සහ සංවිධාන දෙකෙහි නියෝජිතයෝ ද එම අවස්ථාවට සහභාගි වූහ.