
සෑම දරුවෙකුටම බියෙන් තොරව ආරක්ෂාකාරීව ජීවත්වීමට අයිතියක් ඇත. එබැවින් දරුවන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් වැදගත් කාර්යයකි. මේ සඳහා ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රජාව දැනුම්වත් කිරීමට සහ මඟ පෙන්වීම සඳහා විවිධ ආයතන මඟින් නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබුවත් ළමා අපචාර පිළිබඳව දිනපතා වාර්තා වේ.
ජාතික ළමා ආරක්ෂණ ඒජන්සිය (NCPA) සඳහන් කරන දත්තවලට අනුව 2021 වසරේදී කෲරත්වය, දරුවන් නොසලකා හැරීම සහ ලිංගික ප්රචණ්ඩත්වය ඇතුළුව ළමා අපචාර 11,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.