Hemas වෙතින් කටුනායක ගුවන් තොටුපළට Nihon Kohden AED යන්ත්‍රයක් | සිළුමිණ

Hemas වෙතින් කටුනායක ගුවන් තොටුපළට Nihon Kohden AED යන්ත්‍රයක්

හෘදයාබාධ හේතුවෙන් සිදුවන හදිසි මරණ ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානතම හේතුවකි. එහෙත් ඉක්මනින් CPR ප්‍රතිකර්මය සිදුකිරීම සහ හෘදයාබාධයක් ඇති වූ වහාම Defibrillator යන්ත්‍රයක් මඟින් හදවතට විදුලි කම්පනයක් ලබා දීම මඟින් අදාළ රෝගියාගේ ජීවිතය බේරාගැනීමට 50%ත් 70%ත් අතර අවස්ථාවක් හිමි වේ. Automated External Defibrillator (AED) යනු හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින රෝගියකුට විදුලි කම්පනයක් ලබාදීම සඳහා, සෞඛ්‍ය සේවා පුහුණුවක් ලබා නොමැති අයෙකුට වුවද භාවිත කළ හැකි ආකාරයට නිර්මාණය කළ යන්ත්‍රයකි. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය යන්ත්‍රයක් වන මෙය හඬ විධාන ලබා දෙන අතර, මූලික පුහුණුවක් ඇති ඕනෑම කෙනෙකුට එය ක්‍රියාත්මක කළ හැකි වේ.

Comments