
පසුගියදා මැලේසියාවේදී පැවැත්වුණු 22 වැනි Dragons of Asia විසින් ආසියාව පුරා ප්‍රතිඵල මත පදනම් වූ අලෙවිකරණ සන්නිවේදනයන් සඳහා වූ සම්මාන උලෙළේදී සිය Touchless Cash Withdrawal වැඩසටහන වෙනුවෙන් සම්මාන රැසක් හිමිකර ගැනීමට සම්පත් බැංකුව සමත් විය.
ඔක්තෝබර් 14 වැනි දින පවත්වනු ලැබූ 2022 වසරේ තරඟාවලිය වෙනුවෙන් රටවල් 15කට අධික ප්‍රමාණයක් එක්ව සිටි අතර එහිදී රන් සම්මාන හිමි කරගත් එකම බැංකුව බවට පත් වූයේ “හොඳම ජංගම අලෙවිකරණ වැඩසටහන” සඳහා රන් සම්මාන දිනා ගනිමිනි.