
සීමාසහිත නෙට්සිස් සොලියුෂන්ස් පෞද්ගලික සමාගම වසර 10ක් තමන් සමග ගනුදෙනු කළ සමාගම් සහ පාරිභෝගිකයන් උදෙසා NETSYS KRITAJNA නමින් විශේෂ උත්සවයක් මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විය. ලොව ප්‍රමුඛතම ජාලකරණ තාක්ෂණ සමාගමක් වන Cisco Systems සමඟ ඒකාබද්ධව සංවිධානය කළ මෙම උත්සවයට සමාගම් 50කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරමින් 150කට අධික පිරිසක් සහභාගි වූහ.