
නිදහස් ඩිජිටල් අධ්‍යාපන සැපයුම්කරු වන ඩී.පී.එඩියුකේෂන් විසින් “ඩී.පී. එඩියුකේෂන් කෝඩින් පාසල” හි පෙර දොරට වැඩුම, සේරුවිල මංගල රජමහා විහාරාධිපති, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ අනුශාසක, මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ අනුශාසක, ගෞරවනීය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ සම නිර්මාතෘ සභාපති ධම්මික පෙරේරාගේ ප්‍රධාන අනුග්‍රහයෙන්, පසුගියදා මහමෙව්නා බෞද්ධ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණි. එමඟින් සියලුම ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ගාස්තුවකින් තොරව කෝඩින් විෂය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.