Seylan Cards සහ Doc990 වෙතින් සුවිශේෂී වට්ටම් | Page 2 | සිළුමිණ

Seylan Cards සහ Doc990 වෙතින් සුවිශේෂී වට්ටම්

ගනුදෙනුකරුවන්ගේ මූලික අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍යම කාඩ්පත (‘Essential Card for Essential Needs’) වශයෙන් ජනප්‍රිය වී ඇති සෙලාන් කාඩ්පත්, එම පිළිගැනීම තවදුරටත් තහවුරු කරගනිමින්, සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් Doc990 සමඟ එක් වී විශේෂ වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ.

මේ යටතේ රෝහල් 150 කට අධික සංඛ්‍යාවක විශේෂඥ වෛද්‍යවරුන් 4,500 කට අධික පිරිසකගේ චැනල් ගාස්තු සඳහා 50% ක වට්ටමක් හිමි වනු ඇත. මෙය සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වඩාත් පහසුවෙන් සෞඛ්‍ය සේවාවන් ලබා ගන්නා අතරම සුවිශේෂී ප්‍රතිලාභ අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

Comments