OLEX ආර්ථිකය ශක්තිමත් කරයි | සිළුමිණ

OLEX ආර්ථිකය ශක්තිමත් කරයි

පසුගිය දශක 4 තුළ, Solex සමූහ ව්‍යාපාරය ජල පොම්ප නිෂ්පාදකයා ලෙස ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වී ඇති අතර, පසුගිය දශකය තුළ ජල පොම්ප මිලියනයකට වැඩි ප්‍රමාණයක් අලෙවි කරමින්, 40% කට වැඩි වෙළෙඳපොළ ප්‍රතිශතයක් අත්පත් කර ගැනීමට සමත් විය. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ පවා, මෑතකාලීනව නිර්මාණය වූ ආර්ථික අභියෝග ජයගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන Solex සමාගම රාජ්‍ය ආයතන ප්‍රධාන, ඇඟලුම්, ඉදිකිරීම්, ආගන්තුක සත්කාර, අපනයන ආහාර නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ සේවා ආදී පුළුල් ක්ෂේත්‍රයක විහිදුණු දේශීය සහ බහුජාතික සමූහ ව්‍යාපාර රැසක් ආවරණය කරමින්, උසස් තාක්ෂණයෙන් යුත් නිෂ්පාදන පෙළක් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙයි.

Comments