APIIT උපාධි ප්‍රදානෝත්සවය 2022 | Page 2 | සිළුමිණ

APIIT උපාධි ප්‍රදානෝත්සවය 2022

ඇපිට් ශ්‍රී ලංකා ආයතනය (APIIT Sri Lanka ) 2022 දෙසැම්බර් 09 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ප්‍රධාන ශාලාවේදී සිය වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පවත්වන ලදි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නෙස්ලේ ලංකා පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් අවන්සේනා සහ එක්සත් රාජධානියේ ස්ටැෆර්ඩ්ෂයර් (Staffordshire) විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ ප්‍රධාන විධායක මහාචාර්ය මාර්ටින් ජෝන්ස් සහභාගී වූහ.

මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන් 456 දෙනෙකු එක්සත් රාජධානියේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර, පරිගණක තොරතුරු තාක්ෂණය සහ නීතිය පිළිබඳ උපාධි සහ පශ්චාද් උපාධි ලබා ගත්හ.

Comments